Colombo Today Local News

මුහුදුබඩ මාර්ගයේ දුම්රිය කාලසටහන අද සිට සංශෝධනය කෙරේ…

මුහුදුබඩ මාර්ගයේ දුම්රිය කාලසටහන අද (01)දිනයේ සිට සංශෝධනය කර ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

එහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි එම්.ජේ.ඉදිපොලගේ මහතා පැවසුවේ, දුම්රිය ප්‍රමාදවීම් සම්බන්ධයෙන් පසුගිය කාලය පුරා මගීන්ගෙන් ලැබුණු පැමිණිලි සැළකිල්ලට ගනිමින් එම පියවර ගත් බවයි.

ඒ අනුව මෙතෙක් මාතර දුම්රිය ස්ථානයෙන් ගමන් ආරම්භ කළ රුහුණු කුමාරි දුම්රිය අද පෙරවරු 5.25ට බෙලිඅත්ත දුම්රිය ස්ථානයේ සිට ගමන් ආරම්භ කළේය.

මෙතෙක් සතියේ දිනවල පමණක් ධාවනය වු සාගරිකා ශීඝ්‍රගාමී දුම්රිය සෙනසුරාදා දිනයේ ද ධාවනය කිරීමට නියමිත අතර සතියේ දිනවල රාත්‍රී 8.35ට මරදාන සිට දකුණු පයාගල දක්වා ධාවනය වන දුම්රිය අද දිනයේ සිට අලුත්ගම දක්වා ගමනාන්තය දීර්ඝ කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

පස්වරු 2ට මරදානේ සිට අලුත්ගම දක්වා ධාවනය වන දුම්රිය අද දිනයේ සිට පස්වරු 1.55ට මරදානේ සිට අලුත්ගම දක්වා ධාවනය කිරිමට නියමිතය.

මෙම දුම්රිය කාලසටහන සංශෝධනය සති දෙකක කාලයක් අත්හදා බැලීමෙන් අනතුරුව අඛණ්ඩ ක්‍රියාත්මක කරන්නේ ද නැද්ද යන්න සම්බන්ධව අවසන් තීරණයක් ගන්නා බව දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි එන්.ජේ ඉදිපොළගේ මහතා සඳහන් කළේය.

Related posts

කොළඹ පොත් ප්‍රදර්ශනයට ගිය අයෙකුට කොරෝනා ආසාදනය වෙයි

colombotoday

Prius කෝටිය පන්නද්දී Vitz, Wagon R, Freed මිළ බහී.. අඩුවට දෙන කාර් මෙන්න

colombotoday

නිව් ඩයමන්ඞ් නෞකාවේ තෙල් විසුරුමක් – නෞකාව වහාම නාවික සැතපුම් 200 ක් දුරට ඉවත් කළ යුතු බවට නීතිපතිගෙන් උපදෙස්

colombotoday

මොහොමඩ් අලි සබ්‍රිගේ කාර්යාලය ලෝක වෙළඳ මධ්‍යස්ථානයට. | අවුරුදු දෙකට කොටි 41ක දැවැන්ත කුලියක් ජනතා බදු මුදලින්

colombotoday

දුම්රිය හරස් මාර්ගයේ ගිය මෝටර් රථයක් දුම්රියක ගැටෙයි

colombotoday

ජනපති සහ අගමැතිගෙන් සිංහයන්ට සුබ පැතුම්

colombotoday