Colombo Today Local News

ජනපති රනිල් ලෝක ආර්ථික සමුළුවට යයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ලෝක ආර්ථික සමුළුවට සහභාගී වීම සඳහා ස්වීට්සර්ලන්තයේ ඩාවෝස් නුවර බලා හෙට (13)දින පිටත්ව යයි.

ලෝක ආර්ථික සමුළුව අතරවාරයේ ජනාධිපතිවරයා ලෝක නායකයන් සහ ජාත්‍යන්තර ආයෝජකයන්ද හමුවීමට නියමිතව ඇත.

රට බංකොලොත් වීම හේතුවෙන් පසුගිය වසරේ ශ්‍රී ලංකාවට ලෝක ආර්ථික සමුළුවට සහභාගී වීමට නොහැකි වූ අතර මෙවර ආර්ථික සමුළුවේදී ජනාධිපතිවරයා ශ්‍රී ලංකාවේ ආයෝජන අවස්ථා සම්බන්ධයෙන් ආයෝජකයන් සමඟ සාකච්ඡා කිරීමට නියමිතව පවතී.

ලෝක ආර්ථික සමුළුවට සහභාගී වීමෙන් අනතුරුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නොබැඳි ජාතීන්ගේ සමුළුවට සහභාගී වීම සඳහා ලබන 18 වැනිදා උගන්ඩාව බලා පිටත්ව යාමට නියමිතව ඇත.

ජනාධිපතිවරයා ලබන 24 වැනිදා නැවත දිවයිනට පැමිණෙයි.

Related posts

ජනපති හා ඒකාබද්ධ විපක්ෂය අතර හදිසි හමුවක් !

colombotoday

රන්ජන් 29 දක්වා රිමාන්ඩ්

colombotoday

2023 අයවැයට පාලිමේන්තුව සූදානම්

Admin

සිනමන් බෝම්බ කරුගේ අවශ්‍යතාවයකට ගෙන කඩු 5,400ක් කෝ ? ආරක්ෂක ලේකම් ට සහ පොලිස්පතිට අභියාචනාධිකරණයෙන් නියෝගයක්

colombotoday

යල කන්නයේ දී හෙක්ටෙයාර් එකකින් වාර්තා ගත අස්වැන්නක්

Admin

රාජ්‍ය මුද්‍රණාලයේ පොත් මුද්‍රණ නිමැවුම් අංශය වහයි

colombotoday