Colombo Today Local News

සිනමන් බෝම්බ කරුගේ අවශ්‍යතාවයකට ගෙන කඩු 5,400ක් කෝ ? ආරක්ෂක ලේකම් ට සහ පොලිස්පතිට අභියාචනාධිකරණයෙන් නියෝගයක්

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය එල්ල වූ සමයේ කඩු 6,000 ක් මෙරටට ආනයනය කිරීමේ සිද්ධිය පිළිබඳව විමර්ශනයක් සිදුකරන ලෙස ඉල්ලා ගොනුකර ඇති පෙත්සම සම්බන්ධයෙන් ආරක්ෂක ලේකම්වරයාගෙන් හා පොලිස්පතිවරයාගෙන් උපදෙස් ලබාගෙන මේ මස 31 වනදා කරුණු දක්වන ලෙස අභියාචනාධිකරණය අද (05)දින නීතිපතිවරයාට නියෝග කළේය.

කාදිනල් මැල්කම් රංජිත්තුමන් විසින් මෙම පෙත්සම ගොනුකර තිබේ.

එය අද අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු අර්ජුන ඔබේසේකර සහ මායාදුන්නේ කොරයා යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ලක් ඉදිරියේ කැඳවනු ලැබීය.

එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජේෂ්ඨ රජයේ නීතිඥ ආචාර්ය අවන්ති පෙරේරා මහත්මිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් තමා මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර සිටින ආරක්ෂක ලේකම්වරයා සහ පොලිස්පතිවරයා වෙනුවෙන් පෙනී සිටින බව සඳහන් කළාය.

මෙම නඩුවට පාදක වන කරුණ සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර තිබේ ද? එම විමර්ශන වල වත්මන් තත්ත්වය කෙසේ ද? යන්න පිළිබඳව තම සේවාදායකයන් ගෙන් විමසා කරුණු දැක්වීම සඳහා දිනයක් ලබා දෙන ලෙස ඇය අධිකරණයෙන් ඉල්ලා සිටියාය.

එම ඉල්ලීම පිළිගත් අධිකරණය ඒ පිළිබඳව මේ මස 31 වනදා අධිකරණය හමුවේ කරුණු දක්වන ලෙස ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥවරිය ට දැනුම් දුනි.

මෙහිදී පෙත්සම්කාර කාදිනල් තුමන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් පාස්කු ඉරු දින එල්ල කෙරුණු ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකළ කොමිසමේ වාර්තාව ඉකුත් දා ජනාධිපති ලේකම් කාර්යාලය විසින් තම සේවාදායක කාදිනල් තුමන්ට ලබාදුන් බව සදහන් කළේය.

එමෙන්ම අදාළ කඩු තොගය පාස්කු ප්‍රහාරය එල්ල වීමට පෙර මෙරටට ආනයනය කර ඇති බවට තොරතුරු ලැබී ඇති බවත් ඒ පිළිබඳව විමර්ශනය කිරීම අත්‍යවශ්‍ය බවත් ඔහු අධිකරණය හමුවේ පෙන්වා දුන්නේය.

ආනයනය කර තිබූ කඩු 6,000න් 600ක් පමණ මේ වනවිට හඳුනාගෙන තිබෙන බවත් ඒවා මොහොමඩ් සත්තාර් නැමැත්තෙකු විසින් ගෙන්වා ඇති බවටත් ඒවා පාස්කු ඉරුදින සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ දී මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල කොට මිය ගිය මොහොමඩ් ඉන්සාෆ් නැමැත්තාගේ අවශ්‍යතාවයකට ගෙන්වා තිබෙන බවට තොරතුරු හෙළිව තිබෙන බවත් පෙත්සමෙන් පෙන්වා දෙයි.
.
තවත් කඩු 5400ක් පමණ මේ වනවිට රට තුළ තිබෙන බව පෙන්වා දෙන කාදිනල් තුමන් මෙය ජාතික මෙන්ම මහජන ආරක්ෂාවට දැඩි තර්ජනයක් බව කියා සිටී.

Related posts

අසාධ්‍ය තත්වයෙන් රෝහල් ගත කළ මැග්නිෆිකා නෞකාවේ සිටි ජර්මන් කත මියයයි

colombotoday

අස්ගිරි මහා නාහිමියෝ අපවත් වී වදාළහ!

colombotoday

කහටගස්දිගිලිය අඩවි වන කාර්යාලයේ වන ව්‍යාප්ති නිලධාරීයෙක් අල්ලස් දැලේ

colombotoday

යූරියා පොහොර නැවක් ලබන සතියේ දිවයිනට..

Admin

සියලු සරසවි සැප්තැම්බර් විවෘත කෙරේ..

colombotoday

ඥාතීන් හා භාරකරුවන් ඉදිරිපත් නොවු කොවිඩ් මළ සිරුරු රජයේ වියදමින් ආදාහනය කරයි

colombotoday