Colombo Today Local News

උසස් පෙළ ප්‍රශ්න පත්‍රයක් එළියට… විභාග දෙපාර්තමේන්තුවෙන් තීරණයක්

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ කෘෂි විද්‍යාව දෙවන පත්‍රය අවලංගු කිරීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

කෘෂි විද්‍යාව දෙවන පත්‍රය විභාගයට පෙර සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ සංසරණය වී ඇති බවට ලද තොරතුරු සැලකිල්ලට ගනිමින් සිදුකරන ලද විමර්ශනයකින් අනතුරුව මෙම තීරණය ගත් බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පැවසයි.

මෙවර උසස් පෙළ විභාගයේ කෘෂි විද්‍යාව දෙක ප්‍රශ්න පත්‍රයට අදාළ විභාගය පසුගිය 10 වැනිදා පැවැත්වුණි.

කෙසේවෙතත් සිදුකරන ලද විමර්ශනයේ දී එම ප්‍රශ්න පත්‍රය සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වී ඇති බවට පළවූ තොරතුරු තහවුරු වන කරුණු අනාවරණය වී ඇති බව විභාග කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කරයි.

Related posts

සියලු හොරුන්ට නොදෙවෙනි යහපාලන “සුපිරි හොර දෙටුවා“ සම්මානය මලික් සමරවික්‍රමට (Video)

colombotoday

සජබ කොළඹ දිස්ත්‍රික් සංවිධායක එජාපයට එක්වෙයි

Admin

ලිට්‍රෝ ගෑස් මිල රු. 343 කින් වැඩි කරයි

Admin

අන්තරේ පාගමනට පොලීසියෙන් කඳුළු ගෑස් ප්‍රහාරයක්

colombotoday

අගමැති කොතරම් පාරම්බෑවත් “ඉට්කා” අත්සන් කරන්න ඉඩ දෙන්නෑ – ලාල් කාන්ත

colombotoday

ඕමන්තේ වෙඩි තැබීමකින් අයෙක් මරුට.

colombotoday