Colombo Today Local News

දේශීය ආදායම් පනත අද සිට බලාත්මකයි

දේශීය ආදායම් (සංශෝධන) පනත් කෙටුම්පත සහ සමාජ ආරක්ෂණ දායකත්ව බදු (සංශෝධන) පනත් කෙටුම්පතට කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද (8)දින සිය සහතිකය සටහන් කළේය.

ඒ අනුව, එම පනත් කෙටුම්පත් දෙක අද සිට බලාත්මක විය.

දේශීය ආදායම් (සංශෝධන) පනත් කෙටුම්පත සහ සමාජ ආරක්ෂණ දායකත්ව බදු (සංශෝධන) පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී ඊයේ (7)දින වැඩි ඡන්දයෙන් සම්මතවිය.

පනත් කොටුම්පත් දෙක පිළිබඳ විවාදය ඊයේ (07) සහ පසුගිය (06) වැනිදාත් පැවැත්විණ.

ඒ අනුව, මෙම පනත් 2023 අංක 14 දරන දේශීය ආදායම් (සංශෝධන) පනත සහ 2023 අංක 15 සමාජ ආරක්ෂණ දායකත්ව බදු (සංශෝධන) පනත වශයෙන් බලාත්මක වනු ඇත.

Related posts

සහල් නැව ප්‍රමාදයි.. රටටම හාමතේ ඉන්න වෙයි !

colombotoday

කොරෝනා ආසාදිත රෝගීන් ගණන 653 දක්වා ඉහළට

colombotoday

2005 දී මහින්ද රාජපක්ෂ ජනපති කිරීම අපි කළ දේශපාලන වරදක් – චම්පිකගෙන් මැසිවිලි

colombotoday

වසර 5ක් සදහා විදුලිය මිළදී ගැනීමට කැබිනට් යෝජනාවක්…

colombotoday

Video – කිරින්ද රජමහා විහාරයේ ආගමික වැඩසටහන්වලට අසල මුස්ලිම් පල්ලියෙන් බාධා

colombotoday

‘ශ්‍රීලනිප පිංගුත්තරයො, පිනට ඇමතිකම් අරන් අගමැති එලවන්න හදනවා’ – ඇමති දිලිප් වෙදආරච්චි

colombotoday