Colombo Today Local News

‘ශ්‍රීලනිප පිංගුත්තරයො, පිනට ඇමතිකම් අරන් අගමැති එලවන්න හදනවා’ – ඇමති දිලිප් වෙදආරච්චි

පළාත් පාලන මැතිවරණයේදී තමන් රැවටුණු බවට ජනතාව අද පසු තැවෙන බවත් , එක්සත් ජාතික පාක්ෂිකයා ඇතුළු ජනතාව බලයට පත් කල ආණ්ඩුවේ පිනට මන්ත්‍රීවරු වූ කිහිප දෙනෙකුගේ උවමනාවට අගමැති වෙනස් කල නොහැකි බවත් , පක්‍ෂයේ ගැටළු පක්‍ෂයතුල විසඳාගනිමින් අගමැතිවරයා ආරක්ෂා කර ගනිමින් ආණ්ඩුව තුල සිටිමින් ආණ්ඩුවට එරෙහි වූ සියළු දෙනාට එරෙහිව ලබන 04 වෙනිදායින් පසු තීරණයක් ගන්නා බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය , තංගල්ල ආසනයේ එක්සත් ජාතික පක්‍ෂ ප්‍රධාන සංවිධායක දිලිප් වෙදආරච්චි මහතා අවධාරණය කළේය .

රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ ලබන 04 වෙනිදායින් පසු ජනතාවටත් රටටත් සේවයක් කරන ශක්තිමත් ආණ්ඩුවක් සඳහා ගමන් කරන බවයි.

හුංගම පල්ලේගම ජලයෝජනා ක්‍රමය ආරම්භ කිරීම නිමිත්තෙන් ඊයේ (27) පැවති ජන හමුවේදී රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසීය .

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ දිලිප් වෙදආරච්චි මහතා .

“ මේ මැතිවරණයේදී ජනතාව රැවටුනා . ඒ හිටපු ජනාධිපතිවරයාගේ වගේම ඔහුගේ බොරු වලට යි . අද ඒ ජනතාව පසුතැවෙනවා . අද වෙලා තියෙන්නේ හොරු ජනතාවට කෝචෝක් කරන තත්වයක් . මේ නිසා බොහෝ ප්‍රාදේශීය සභා වලට කරන්න දෙයක් නැති වෙලා . හම්බන්තොට දිස්ත්‍රික්කයේම තංගල්ල හැර අනෙක් සියළු පළාත් පාලන ආයතන සියල්ලම අක්‍රිය වෙලා . ”

“ ඒ පළාත් පාලන ආයතන වලට පත්වෙච්ච කණ්ඩායම් දිහා බැලුවම ඉතාම පැහැදිලියි . චාරයක් නැති ලැයිස්තුවට දාගන්න මිනිස්සු නැති වෙනකොට දාපු පිරිසක් තමයි අද ඒ ආයතනවලට පත්වෙලා තියෙන්නේ . මේ නිසා පළාත් පාලන ආයතන තුළින් ජනතාව බලපොරොත්තු වන සේවය ලබාදීමට බැරි තත්වයක් තියෙන්නේ . ”

“ ලබන 04 වෙනිදා අපේ රටේ විශාල වෙනසක් සිදු වන දවසක් කියලා ඇතැම් මැති ඇමතිවරු කියනවා . අපේ ආණ්ඩුවේ ඉන්න ඒ අය කියන්නේ අගමැතිතුමා ඉවත් කරලා ඒ අය ආණ්ඩුවක් පිහිටුවනවා කියලා . මම කියන්න කැමතියි ඒ අයට . අපි එක්සත් ජාතික පක්‍ෂය විදිහට නායකත්වය ලබා දීලා සිරිසේන මැතිතුමා ජනාධිපති කරලා අපි මන්ත්‍රීවරු 105 ජයගෙන අපි ආණ්ඩුවක් හැදුවේ පිනට ආපු මන්ත්‍රීවරුන්ට ඇමතිකම් අරගෙන අපේ ආණ්ඩුව විවේචනය කරන්න නෙමෙයි . අපේ අගමැතිවරයාට බනින්න නෙමෙයි . අපේ පක්‍ෂයට බනින්න නෙමෙයි .”

“ 04 වෙනිදට විශ්වාසභංගයට අත උස්සන ආණ්ඩුවේ ඉන්න පිරිසගේ ඉරණම තීරණය වෙන්නේ එදාටයි . ”

“අර ඩිලාන් පෙරේරා කියන බදුල්ලේ මන්ත්‍රීවරයා ආසනයෙනුත් පරාදයි , දිස්ත්‍රික්කයත් පරාදයි ,මන්ත්‍රී කමත් ඉවර වුනා . මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාට වගේම ඔබලාට අපිට පින්සෙන්ඩු වෙන්න පාර්ලිමේන්තුවට අරගෙන ඇමතිකමක් දීලා අද එහෙවු කෙනා කියනවා අවුරුද්දට පෙර දියවන්නාවේ ආණ්ඩු වෙනසක් කරනවා කියලා . පිනට පත්වුණු ඇමතිවරුන්ට මන්ත්‍රී කමවත් රැකගන්න බැරි මන්ත්‍රීවරුන්ට පුළුවන්ද දියවන්නාවේ වෙනසක් කරන්න . නිකම් නෙමෙයි පිස්සෙක් වගේ . එයා එක පාරක් නෙමෙයි තුන් පාරක් පරාදයි . ”

“ මේ පුද්ගලයා එක වෙලාවක වහකුප්පියක් අරගෙන යනවා . තවත් වෙලාවක සිරිපාදේ අර පැත්තෙන් නැගල අනෙක් පැත්තෙන් බහිනවා කියනවා . ඒ නිසා ඔහුට මම කියනවා කන්නාඩිය ඉස්සරහට ගිහින් ඇදිවත ගලවලා බලන්න දියවන්නාවේ වෙනස කොහෙද තියෙන්නේ කියලා . ”

“ ඒ නිසා අපි එක්සත් ජාතික පාක්ෂිකයෝ විදිහට කාටවත් බය නැහැ . අපිට මන්ත්‍රීවරු 105 ඉන්නවා . එකෙන් කථානායකතුමා ඇරුනම අපිට 104 ඉන්නවා . විජේදාස රාජපක්‍ෂ සහ රතන හාමුදුරුවෝ ඇරුනම අපිට 102 ඉන්නවා . ඒ වගේම දෙමළ ජාතික සන්ධානය අපිත් එක්ක ඉන්නේ. අගමැතිතුමා පිලිබදව පක්‍ෂයේ ප්‍රශ්නයක් තියෙනවානම් අපි එක පක්‍ෂය තුල බේරා ගන්නවා . ”

“ ඒ නිසා පිංගුත්තර ඇමතිවරු ටික පොහොට්ටුව සමග එකතුවෙලා අගමැතිවරයා එලවන්න උත්සහ කරනවා නම් අපි ඒකට කිසිම ඉඩක් දෙන්නේ නැහැ . අපි ඒකට කිසිම ඉඩක් තියන්නේ නැහැ . ඒ නිසා අගමැතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මැතිතුමාව 04 වෙනිදායි පසුත් රකිනවා කියන්න අපි බය නැහැ . ”

ලංකා ඊ නිව්ස්.

Related posts

පොලිසිය අනුගමනය කරන්නේ ජනපතිගේ නියෝග පමණයි… එජාප මන්ත්‍රීලාට ඇමති ආරක්ෂාවක් දෙන්න බෑ – පොලිස්පති

colombotoday

චීන පොහොර නැව අනිවාර්යෙන්ම ආයෙත් ලංකාවට එනවා

colombotoday

ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ සේවා යළි ඇර⁣⁣ඹේ

colombotoday

ආනයනික බිත්තර සිල්ලර වෙළෙඳපොළට නිකුත් කිරීම ගැන තීරණයක් ගෙන නෑ…

Admin

ප්‍රමිතියෙන් තොර බෙහෙත් ගෙන්නූ සිද්ධියට හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂවරයෙකුත් අත්අඩංගුවට

Admin

නිදහස් දිනයට සමගාමීව සතියක කාලයක් ජාතික කොඩිය ප්‍රදර්ශනය කරන්නැයි රජයෙන් ඉල්ලීමක්

colombotoday