Colombo Today Local News

පාස්කු ප්‍රහාරය ඇතුළු තවත් සිදුවීම් ගණනාවක් ගැන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් කනස්සල්ල

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් වෝල්කර් ටර්ක් මහතා ශ්‍රී ලංකාව පිළිබඳ සිය වාර්ෂික වාර්තාව ඉදිරිපත් කර තිබේ.

පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් ජාත්‍යන්තරයේ සහාය ඇතිව අදාළ සිදුවීමේ සියලු පැති ආවරණය වන පරිදි ස්වාධීන පරීක්ෂණයක් පැවැත්විය යුතු බව මහකොමසාරිස්වරයා සඳහන් කරයි.

රජය නව සත්‍ය සෙවීමේ යාන්ත්‍රනයක් යෝජනා කර තිබුණ ද සත්‍ය සෙවීම පමණක් ප්‍රමාණවත් නොවන අතර, වරදකරුවන්ට දඞුවම් ලබාදීමට ප්‍රමාණවත් යාන්ත්‍රණයක් ලබාදීමට සියලු දෙනා කැපවිය යුතු බවත් ඔහු අවධාරණය කර තිබේ.

එසේම ඒවා ක්‍රියාවට නැංවීම සඳහා දේශපාලන අධිෂ්ඨානයක් තිබි යුතු බව ද මහකොමසාරිස්වරයා අවධාරණය කරයි.

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත සහ විකාශන නියාමන කොමිෂන් සභාව පනතේ වගන්ති රැසක් පිළිබඳ සිය වාර්තාව මඟින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස්වරයා සිය කනස්සල්ල පළ කර ඇත.

පසුගිය ජනතා විරෝධතාවලින් බලාපොරොත්තු වූ ආකාරයට ශ්‍රී ලංකාවේ පාලන තන්ත්‍රයේ ඓතිහාසික පරිවර්තනයක් සිදු ව නොමැති අතර, මේ නිසා දිගු කලක සිට පවතින අභියෝගවලට තොරතුරු සැපයීම තවදුරටත් පමා වන බව ද මහකොමසාරිස්වරයාගේ වාර්ෂික වාර්තාවේ සඳහන් වේ.

ශ්‍රී ලංකාව අඛණ්ඩව වගවීමකින් තොරව කටයුතු කරමින් සිටින අතර, මෑත කාලීන මානව හිමිකම් උල්ලංඝණය, බලය අනිසි ලෙස භාවිත කිරීම රට තුළ දැකගත හැකි බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබද මහකොමසාරිස්වරයා පෙන්වා දී ඇත.

මැතිවරණ කල් දැමීම සම්බන්ධයෙන් ද සිය වාර්තාව මඟින් අවධානය යොමුකර ඇති වෝල්කර් ටර්ක් මහතා පවසන්නේ, පළාත් පාලන සහ පළාත් සභා මැතිවරණය පැවැත්වීමට රජය කඩිනමින් පියවර ගත යුතු බවයි.

ජනතාවගේ ආර්ථික සහ සමාජ අයිතීන් සහතික කිරීම, දූෂණයට එරෙහිව කටයුතු කිරීම සහ යුක්තිය ක්‍රියාත්මක කිරීම සඳහා රජයෙන් කෙරෙන ඉල්ලීම් ඇතුළු නිර්දේශ මාලාවක් ද සිය වාර්ෂික වාර්තාව මඟින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබද මහකොමසාරිස්වරයා වැඩිදුරටත් ඉදිරිපත් කර තිබේ.

ගැඹුරු ආයතනික ප්‍රතිසංස්කරණ සහ වගවීම, සංහිඳියාව සහ මානව හිමිකම්වල ප්‍රගතියක් අත්කර ගැනීම පිළිබඳ ශ්‍රී ලංකාව අවධානය යොමු කළ යුතු බව ද මහකොමසාරිස්වරයා සිය වාර්තාව තුළ සඳහන් කර ඇත.

එය කඩිනම් අවශ්‍යතාවක් සේ සලකා කටයුතු කරන්නැයි ලක් රජයෙන් සහ මෙරට දේශපාලන පක්ෂවලින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් වෝල්කර් ටර්ක් මහතා ඉල්ලා සිටියි.

Related posts

කෘෂි අමාත්‍යාංශ ගොඩනැගිල්ල අගමැති ගනී.. කෝටි දෙකක කුළියට කෘෂි අමාත්‍යාංශය සබීතාගේ ගොඩනැගිල්ලකට යයි

colombotoday

“අනාගතයේ සමෘද්ධිමත් ජාතියක් බවට පත්වීමට නම් අවශ්‍ය වන්නේ උසස් අධ්‍යාපන ව්‍යුහයේ පුළුල් වෙනසක්”

colombotoday

විශ්වාසභංගය රජය ප්‍රතික්ෂේප කරනවා – අගමැති

Admin

රජයේ රෝහල්වල විකිරණ හා CT ස්කෑන් පරීක්ෂණ අඩාල වීමේ අවදානමක්

Admin

විධායක ජනාදිපති ක්‍රමය අහෝසි කලොත් හොදයි. රටම කියන්නෙ කරන්න කියලනෙ – මහින්ද රාජපක්ෂ

Admin

ශ්‍රී ලංකාවට එරෙහි ඇමරිකානු මෙහෙයුම, රාජ්‍ය දෙපාර්තමේන්තුවේ නිලධාරියෙක් හෙළිකරයි

colombotoday