Colombo Today Local News

“අනාගතයේ සමෘද්ධිමත් ජාතියක් බවට පත්වීමට නම් අවශ්‍ය වන්නේ උසස් අධ්‍යාපන ව්‍යුහයේ පුළුල් වෙනසක්”

රට සීඝ්‍රයෙන් දියුණු වී අනාගතයේ සමෘද්ධිමත් ජාතියක් බවට පත්වීමට නම් ශ්‍රී ලංකාවට අවශ්‍ය වන්නේ එහි උසස් අධ්‍යාපන ව්‍යුහයේ පුළුල් වෙනසක් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ වෙනස සිදුකිරීමට තවමත් ප්‍රමාද නොමැති බවය.

කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ අද (09) පස්වරුවේ පැවති ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ 2021 උපාධි ප්‍රදානෝත්සවයට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා,

“අපේ රටේ අධ්‍යාපන ක්‍රමය වර්තමාන ලෝකයේ අවශ්‍යතාවලට අනුගත වී නොමැති බව නොරහසකි.දශක ගණනාවක් තිස්සේ ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්‍රමය පසුපසට ගෙන ගිය මෙම ආකල්පය මට තේරුම් ගත නොහැකියි. ශ්‍රී ලංකාවේ සාමන්‍යයෙන් ලබාදෙන අධ්‍යාපනයෙහි සහ 21 වැනි සියවසේ අප රට සංවර්ධනයවීමට අවශ්‍ය කරන කරුණු අතර නොගැලපීමක් තිබෙනවා. විශේෂයෙන්ම, අපේ තෘතීයික අධ්‍යාපන ක්‍රමයේ අධ්‍යාපනික ප්‍රතිසංස්කරණ විය යුතු බවට මා නිරන්තරයෙන් ඉල්ලා සිටියේ මේ නිසා. විශ්වවිද්‍යාල සිසුන් කුමන උපාධි පාඨමාලාවක් හැදැරුව ද, ඔවුන් සියලු දෙනාම අවම වශයෙන් තොරතුරු තාක්ෂණය පිළිබඳ යම් ප්‍රවීණතාවයක් ලබාගෙන උපාධි ලබා තිබිය යුතු බවට මම තරයේ විශ්වාස කරනවා.”

“අවම වශයෙන් ඔවුන්ට පරිගණකයක් සමග වැඩ කිරීමේ යම් අත්දැකීමක් ලබාගැනීමට අවස්ථාවත් තිබිය යුතුයි. වර්තමාන ලෝකය ජයගැනීමට අවශ්‍ය අනෙකුත් නිපුණතා ලබාගැනීමට ඔවුන්ට අවස්ථාව තිබිය යුතු තීක්ෂණ චින්තනය, ව්‍යවසායකත්වය සහ ඉංග්‍රීසි භාෂා කුසලතා ද එයට ඇතුළත්.”

“මෙම ප්‍රතිසංස්කරණවලින් කිහිපයක් දැනටමත් අපගේ විශ්වවිද්‍යාල විසින් ක්‍රියාවට නංවා ඇති අතර, ලබන වසරේ තවත් ප්‍රතිසංස්කරණයන් හඳුන්වාදීමට නියමිතයි. කෙසේ වෙතත් ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්‍රමය සම්බන්ධයෙන් ඊටත් වඩා විශාල ගැටලුවක් වන්නේ එහි ඇති ධාරිතා සීමාවයි.”

Related posts

රට ගිහින් ආ සැමියා දෙදරු මවක්ව ඝාතනය කරයි

Admin

දෙමළ ඊළම පිහිටුවීමේ පසුබිම සංහිඳියාවේ නාමයෙන් සැකසෙනවා.. ඊට එරෙහිව වන සියළු දෙනා මර්ධනය කරනවා

colombotoday

කටාර් මුදල් ලබාගැනීම සහ ඔත්තු බැලීමේ චෝදනා – බහරේන් විපක්ෂ නායක ජීවිතාන්තය දක්වා හිරේට

colombotoday

හිටපු DIG නාලක ද සිල්වාට එරෙහි නඩුවෙන් නිදහස් කෙරේ

Admin

පාර්ලිමේන්තුව බොදු බල සේනා යටතට

colombotoday

රැජිනගේ අභාවය හේතුවෙන් ‘සියලු රාජ්‍ය ආයතනවල’ ජාතික කොඩිය අඩකුඹු කරයි

colombotoday