Colombo Today Local News

කෘෂි අමාත්‍යාංශ ගොඩනැගිල්ල අගමැති ගනී.. කෝටි දෙකක කුළියට කෘෂි අමාත්‍යාංශය සබීතාගේ ගොඩනැගිල්ලකට යයි

ct duminda

කෘෂිකර්ම අමාත්‍යාංශයේ කාර්යාල කටයුතු පවත්වාගෙන යෑම සදහා සිනමා නිළි සබීතා පෙරේරාගේ සැමියාට අයත් රාජගිරියේ ගොඩනැගිල්ලක් රුපියල් ලක්ෂ 210ක මාසික කුළියකට ලබාගෙන ඇති බව වාර්තා වනවා .

කෘෂිකර්ම අමාත්‍යාංශයේ කාර්යාල කටයුතු පවත්වාගෙන ගිය ගොඩනැගිල්ල අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් පාර්ලිමේන්තු කටයුතු සදහා පවරාගෙන ඇති බැවින් කෘෂිකර්ම අමාත්‍යාංශය මෙසේ වෙනත් ගොඩනැගිල්ලක් වෙත ගෙනයෑමට සිදුව තිබෙන අතර කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මහතා විසින් අදාළ ගොඩනැගිල්ල කුළියට ලබා ගැනීම සදහා කැබිනට් මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කර ඇතැයි ආංරචි මාර්ග සදහන් කරයි. එය සලකා බැලීම සදහා කැබිනට් අනුකමිටුවක් පත්කර ඇති බවද වාර්තා වේ.

වර්තමානයේ අමාත්‍යංශයක් පවත්වාගෙන යෑමට ගොඩනැගිල්ලකට ගෙවන වැඩි ම මුදල මේ රුපියල් දෙකෝටියකට වඩා මුදල බව වැඩිදුරටත් වාර්තා වෙයි.

Related posts

ජොන්ස්ටන් සහ රත්තරන් නායකත්වය දුන් දිස්ත්‍රික්ක දෙකෙහි ප්‍රකාශිත චන්ද ප්‍රතිශතය අඩුයි.

colombotoday

රන්ජන් කරාපිටිය රෝහලට රැගෙන යයි

colombotoday

කන්කසන්තුරය වරායේ නව මගී පර්යන්තය විවෘත කරමින් එම්.වී එම්ප්‍රරස් සේන්දු වෙයි

Admin

අලුත් උපන් බිලිදු මළ සිරුරක් ඇලකින් හමුවෙයි

Admin

ප්‍රබල දේශපාලකයෙක් මෙහෙයවන කල්ලියකින් කාත්තන්කුඩියේ සමූහ ඝාතනයක්… 35ක් මරා වළ දමලා !!

colombotoday

මුහුදු කූඩැල්ලන් ප්‍රවාහනය කරමින් සිටි අයෙක් අල්ලයි

Admin