Colombo Today Local News

ඇමති චම්පිකගේ වාහනයට යටවූ “සන්දීප්ගේ තත්ත්වය බරපතලයි” – ජාතික රෝහල් අධ්‍යක්ෂක

champika 2232

රාජගිරිය වැලිකඩ ප්‍රදේශයේදී මහ නගර සහ බස්‌නාහිර පළාත් සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ ජීප් රථයේ හැපීමෙන් බරපතළ තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන සන්දීප් සම්පත් (24) තරුණයාගේ තත්ත්වය බරපතළ බව කොළඹ ජාතික රෝහලේ අධ්‍යක්‍ෂ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ඊයේ (06 වැනිදා) පැවසීය.

පසුගිය 24 වැනිදා රාත්‍රි සිදු වූ මෙම අනතුරින් තුවාල ලබා දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන සන්දීප්ගේ මොළයට අභ්‍යන්තර රුධිර වහනයක්‌ වී ඇති බවත්, සිහියක්‌ නොමැතිව සිටින බවත් ඒ මහතා කීය.

මෙම තරුණයාගේ ජීවිතය බේරාගැනීමට වෛද්‍යවරුන් දැඩි උත්සාහයක නිරත වන බව ද ඒ මහතා කීය.

මේ අතර සන්දීප් සම්පත් තරුණයා අනතුරට ලක්‌ කළ වාහනය පැදවූ ඇමැති පාඨලී චම්පික රණවක මහතා බව ප්‍රකාශ කරමින් සිද්ධිය ඇසින් දුටු ගයාෂාන් විනුර හා මොහොමඩ් සුෆායි යන තරුණයන් දෙදෙනා පොලිස්‌පතිවරයාට පසුගිය 04 වැනිදා දිවුරුම් ප්‍රකාශ 2 ක්‌ භාර දී තිබේ.

අනතුර සිදු වූ අවස්‌ථාව හා එහිදී වාහනය පැදවූ රියෑදුරු කටයුතු කළ ආකාරයත්, ඉන් අනතුරුව වැලිකඩ පොලිසියට කළ පැමිණිල්ල සටහන් කරගත් ආකාරයත් ගැන එම තරුණයන් දිවුරුම් ප්‍රකාශ දෙක මගින් පොලිස්‌පතිවරයාට කරුණු පැහැදිලි කර ඇත්

දිවයින

Related posts

එජාප ආණ්ඩුවට ආසන 105යි… දෙමළ සන්ධානය විපක්ෂයේ සිට සහය දෙයි…

colombotoday

දේශීය ආදායම් පනත් කෙටුම්පතට ඡන්ද විමසීම අද

Admin

රාජ්‍ය සේවක වැටුප මාර්තුවේ සිට කොටස් දෙකකට කැඩෙයි !!

colombotoday

දින 14ක් රට වසා දමන බවට සමාජ මාධ්‍යයේ පැතිරය යන ප්‍රචාර අසත්‍යක් – යුද හමුදාපති

colombotoday

මැල්කම් කාදිනල් රංජිත් පියතුමන්ගේ ප්‍රකාශයට හිටපු ජනපතිගේ කණගාටුව

colombotoday

අගමැති භාර ගත් නව අමාත්‍යාංශයේ ලේකම් ධුරය අනූෂ පැල්පිට ට

colombotoday