Colombo Today Local News

රජයේ රෝහල්වල විකිරණ හා CT ස්කෑන් පරීක්ෂණ අඩාල වීමේ අවදානමක්

විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ හිඟය හේතුවෙන් රජයේ රෝහල්වල විකිරණ හා CT ස්කෑන් පරීක්ෂණ ද අඩාල වීමේ අවදානමක් මතුව තිබේ.

මේ වනවිට විකිරණ විද්‍යා තාක්ෂණවේදීන් 400කගේ පමණ හිඟයක් පවතින බව රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමයේ සභාපති චානක ධර්මවික්‍රම මහතා සඳහන් කරයි.

දැනට අක්‍රීය වී ඇති CT, PET හා MRI ස්කෑන් යන්ත්‍ර අලුත්වැඩියා කළ ද එහි සේවා සිදු කිරීමට කාර්ය මණ්ඩලය නොමැති තත්ත්වයක් මතුව ඇත.

මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත මහතා කියා සිටින්නේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන් බඳවා ගැනීමට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර ඇති බවයි.

ඊට අනුමැතිය ලද වහා බඳවා ගැනීම් සිදුකරන බව ද ඔහු කියයි.

Related posts

ඉස්ලාම් ආගමේ අන්තවාදය උගන්වන්නේ ‘සාහි අල් බුකාරි‘ පොතෙන්…

colombotoday

සිංගප්පූරුවේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයන් 283 දෙනෙකු දිවයිනට

colombotoday

ලෝක ඒඩ්ස් දිනය අද.. ගෙවුණු මාස 10තුළ HIV ආසාදිතයින් 485ක් හදුනා ගනී

Admin

ටෙලි නාට්‍ය නිළි ආක්‍ෂා සුදාරිට වරෙන්තු

colombotoday

විශ්වවිද්‍යාල තුල මුලධර්මවාදී ඇඳුම් ඇදීමට සිසුවියන්ට ආගමික සංගම්වලින් බලපෑම් – ජේෂ්ඨ කථිකාචාර්ය ගයත්‍රී විජේසුන්දර

colombotoday

ජාතික සංහිදියා ඇමතිට පාතාල මර බිය දැනෙයි.. ආරක්ෂාව තරකර ගනී…

colombotoday