Colombo Today Local News

නාවල පාර දුම්රිය හරස් මාර්ගය 9 වැනිදා වහයි

කැලණිවැලි දුම්රිය මාර්ගයේ නාරාහේන්පිට සහ නුගේගොඩ දුම්රිය ස්ථාන අතර පිහිටි නාවල පාර දුම්රිය හරස් මාර්ගය නඩත්තු කටයුත්තක් සඳහා මේ මස 9 වැනිදා පෙරවරු 8.00 සිට පසුදින (10 වැනිදා) පෙරවරු 6.00 දක්වා වසා තබන බව දුම්රිය දෙපාර්තමේන්තු සඳහන් කරයි.

එම දුම්රිය හරස් මාර්ගය 9 වැනිදා පෙරවරු 8.00 සිට පස්වරු 2.00 දක්වා අර්ධ වශයෙන් ද, එදින පස්වරු 3.00 සිට 10 වැනිදා පෙරවරු 6.00 දක්වා සම්පූර්ණයෙන් ද, වසා තබන බවත් එම කාලය තුළ වාහන සඳහා විකල්ප මාර්ග භාවිතා කරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් එම දෙපාර්තමේන්තුව වැඩි දුරටත් පවසයි.

Related posts

උත්සව සමයේ අවශ්‍ය වුවහොත් සංචරණ සීමා පනවනවා – යුද හමුදාපති

colombotoday

ජනපති දුන් දේශමාන්‍ය සම්මානය ආපසු හරවා එවයි…

colombotoday

සෑම මැතිවරණ කොට්ඨාශයකටම නිවාස ඒකක 100කින් යුත් නිවාස සංකීර්ණයක්

colombotoday

වසර 68කට පසු සුපිරි සඳක් පායයි !

colombotoday

කුඩු සල්ලි, දුරකතන 10 සමග සංජීවගේ ගෝලයක් අල්ලයි

colombotoday

මරණීය දණ්ඩනය හිමි වූ සිරකරුවන් මෙවර උසස් පෙළ ලියයි

Admin