World

අමෙරිකාව සහ කෙන්යාව ආරක්ෂක ගිවිසුමකට අත්සන් තබයි

අමෙරිකාව සහ කෙන්යාව ආරක්ෂක ගිවිසුමකට අත්සන් කර තිබේ.

අමෙරිකානු ආරක්ෂක ලේකම් ලොයිඩ් ඔස්ටින් සහ කෙන්යාවේ ආරක්ෂක අමාත්‍ය ඒඩන් ඩුආලේ කෙන්යාවේ අගනුවර වන නයිරෝබිහි පැවති රැස්වීමකදී මෙම ගිවිසුමට අත්සන් තබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ඉදිරි වසර 5 සඳහා දෙරට අතර ආරක්ෂක සබඳතා මෙහෙයුම් ගිවිසුමකට අත්සන් තබා ඇති බවත් විදෙස් වාර්තාවල සඳහන් වේ.

මේ අතර විවිධ සංවිධානාත්මක අපරාධ කල්ලි හේතුවෙන් පීඩාවට පත්ව සිටින හයිටි රාජ්‍යයේ ආරක්ෂාව තහවුරු කිරීමට ද කෙන්යානු රජය ඉදිරිපත් වී ඇත.

එවැනි කල්ලි විසින් හයිටි අගනුවර වන පෝට්-ඕ-ප්‍රින්ස් පාලනය කරන අතර හයිටි වැසියන් කප්පම් සඳහා පැහැර ගැනීම් ඇතුළු විවිධ ප්‍රහාර රාශියකට මුහුණ දෙමින් සිටින බවත් විදෙස් වාර්තාවල සඳහන් වේ.

Related posts

අමෙරිකාවේ චීන තානාපති කුයි ටියැන්කායි ධුරයෙන් ඉවත් වෙයි

colombotoday

ලන්ඩන් ප්‍රහාරය ජිහාඩ් වැඩක්.. ඝාතකයා අබු ඉසදීන්.. ජිහාඩ් වොච් අනාවරණය කරයි

colombotoday

හමාස් නායකයාගේ නිවසට ප්‍රහාර

Admin

රුසියාවෙන් 100% සාර්ථක කොවිඩ් එන්නතක්.

colombotoday

කොරෝනා වෛරසයේ නව ප්‍රභේදය ඕස්ට්‍රේලියාවත් ආක්‍රමණය කරයි

colombotoday

රාවුල් කැස්ත්‍රෝ තරුණ පරම්පරාවට ඉඩ දෙමින් කොමියුනිස්ට් පක්ෂ නායකත්වයට සමු දෙයි

colombotoday