Colombo Today Local News

බාල වයස්කාර දියණීය දුෂණය කළ යුද හමුදා විශ්‍රාමික නිලධාරීයාට වසර 15ක සිර දඬුවම්

ඥාති සහෝදරියගේ බාල වයස්කාර දියණීය දුෂණය කිරීමේ චෝදනාවට වැරදිකරු වූ යුද හමුදා විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නිලධාරියකුට කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා වසර 15ක බරපතල වැඩ සහිත සිරදඬුවමක් නියම කර තිබේ.

වසර 24කට ඉහත කළ වරද සඳහා නියම කළ සිරදඬුවමට අමතරව අතවරයට ලක් වු බාල වයස්කාර දියණීයට රුපියල් ලක්ෂ 2 1/2ක වන්දි මුදලක් ගෙවීමටද විත්තිකරුට නියම කළ විනිසුරුවරයා රුපියල් 25000/-ක දඩයකටද ඔහු යටත් කර ඇත.

2009 අගෝසතු පළමුවැනිදාත් 31 වැනිදාත් අතර කාලය තුළ සිය ඥති සහෝදරියගේ වයස අවුරුදු 16 ට අඩු බාල වයස්කාර දියණීය දුෂණය කළ බවට විත්තිකරුට එරෙහිව නීතීපතිවරයා නඩු පවරා තිබේ.

මේ සම්බන්ධයෙන් පැවැති දීර්ඝ නඩු විභාගය අවසානයේදී විත්තිකරුට එරෙහි චෝදනා පැමිණීල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කොට ඇතැයි තීරණය කළ විනිසුරුවරයා අදාළ චෝදනාවන්ට ඔහු වරදකරු බවට තීරණය කර ඇත.

Related posts

නීතිය පාසල් පෙළ පොතට….

colombotoday

යහපාලනය අත්අඩංගුවට ගන්න දස අතේ හොයන උදයංග, යහපාලන ඇමති සමග ජපානයේ !

colombotoday

චීනයේ කෘෂිකාර්මික ප්‍රදර්ශනයට ලංකාවෙි එළවළු, පළතුරුවලට ඉදිරිපත් කරන්නැයි ආරාධනයක්

Admin

පාර්ලිමේන්තු විවාදය ඇරඹෙයි

Admin

පාස්කු ප්‍රහාරය ගැන ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කල අශොක් අබේසිංහ සීඅයිඩියට

colombotoday

චීනයෙන් රුපියල් බිලියන 16ක්

colombotoday