Colombo Today Local News

මහ කන්නයේ දී පොහොර ගන්න හෙක්ටයාරයකට 15000ක් ගොවි ගිණුම් වලට

මෙවර මහ කන්නයේ දී පොහොර මිල දී ගැනීම සඳහා හෙක්ටෙයාර් එකකට රුපියල් 15,000ක් බැගින් ගොවි ගිණුම් වලට බැර කිරීමට තීරණය කළ බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

මහ කන්නයේ දී පොහොර මිල දී ගැනීම සඳහා රුපියල් මිලියන 12,000ක් වෙන් කිරීමට රජය තීරණය කර තිබේ.

එම මුදලින් ගොවින්ගේ අභිමතය පරිදි රසායනික පොහොර හෝ කාබනික පොහොර මිල දී ගැනීමට හැකි බව කෘෂිකර්ම අමාත්‍යවරයා කියයි.

බණ්ඩි පොහොර හා යුරියා පොහොර දැනටමත් අවශ්‍ය ප්‍රමාණයට රජය සතුව තිබෙන අතර මුලික පොහොර හෙවත් මඩ පොහොර පෞද්ගලික අංශය විසින් සැපයීමට නියමිත බව ද අමාත්‍යවරයා පැවසීය.

එමෙන්ම මෙවර ද යුරියා පොහොර මිටියක් රුපියල් 9000කට රාජ්‍ය අංශයේ පොහොර සමාගම් මගින් ලබා දෙන අතර එම මිලටම යුරියා පොහොර ලබා දීමට පෞද්ගලික අංශය ද එකඟත්වය පළ කර ඇතැයි ද අමාත්‍යවරයා සඳහන් කළේය.

Related posts

ඉන්දියානු මුස්ලිම් නායකයෙකු වෙනුවෙන් සැමරුම් උළෙලක්.. ජනපති ප්‍රධානත්වයෙන් හරසර පුදයි

colombotoday

ජනපතිගේ පින්තූර විකෘති කර ෆේස්බුක් දැම්මොත් වැඩ වරදී !

colombotoday

කඳවුරේ පිපිරුම : පරීක්ෂණවලින් හමුදා බුද්ධී අංශ ඉවතට.. පරීක්ෂණ රහස් පොලීසියට

colombotoday

වැඩි මිලට සහල් වික්කොත් දඩ

colombotoday

මීරිගම දේවස්‍ථානයකට ප්‍රහාරයක්

colombotoday

ආණ්ඩුව ගෝඨාට බය වෙලා

colombotoday