Colombo Today Local News

වෙඩික්කරුවෙකුට ආධාර අනුබල දුන් අයෙක් අල්ලයි

වෙඩිතබා මනුෂ්‍ය ඝාතනයක් සිදුකිරීමට තැත් කිරීමේ සිද්ධියකට ආධාර අනුබල දුන් සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ (14) උදෑසන මාවනැල්ල පොලිස් වසමේ බටපොල ප්‍රදේශයේදී සැකකරුව අත්අඩංගුවට ගැනීමට පොලිස් විශේෂ කාර්ය බළකායේ ජයවර්ධනපුර කඳවුරේ නිලධාරීන් සමත්වී තිබේ.

පසුගිය 10 වන දින ගල්කිස්ස පොලිස් ස්ථානයට වාර්තා වී තිබූ රත්මලාන ඥානේන්ද්‍ර පාර ප්‍රදේශයේ වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයකට තැත් කිරීමේ සිද්ධියකට අදාළ වෙඩික්කරුට, එම අපරාධය සඳහා යොදාගත් මෝටර් රථය ලබාදීම සම්බන්ධව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකළ බව පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් පවසයි.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී සැකකරු සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 15යි මිලිග්‍රෑම් 680ක් සහ ජංගම දුරකථනයක් සොයාගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු අවුරුදු 29ක් වන මැණික්දිවෙල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

සැකකරු සම්බන්ධව මාවනැල්ල පොලීසිය සහ ගල්කිස්ස පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Related posts

අධිවේගයේ මෝඩකම ප්‍රධර්ශනය කෙරූ හතර දෙනා සහ රියදුරු පොලීසියට කැඳවයි. | සියලු දෙනාටම නඩු

colombotoday

මුලු ලොවම වෙනත් දිශාවකට යද්දී අපි යන්නේ මිලෙච්ඡත්වයට – රජයේ වල් ඌරු දඩයම් තීරණයට පරිසරවේදීන්ගේ විරෝධය

colombotoday

සතොස භාණ්ඩ වර්ග 5ක මිල පහළ දමයි

Admin

සති දෙකක් තුළ වැඩි මිලට සහල් විකුණු 1000 කට නඩු

colombotoday

කොටි සැකකරුවන්ට නිදහස පතා උතුරේ රදගුරුවරු යාඥා කරති.

colombotoday

විදුලි රැහැනක් ඇද අලියා මැරුවාට ගොවියා අත්අඩංගුවට

Admin