Colombo Today Local NewsUncategorized

ඉන්දියාව,ශ්‍රී ලංකාව සහ රුසියාව ඩොලර් බිලියන 9ක ද්වි පාර්ශ්වික වෙළෙඳාමකට සැරසෙයි

ඉන්දියාව,ශ්‍රී ලංකාව සහ රුසියාව සමඟ ඉදිරි මාස දෙකක කාලය තුළදී ඩොලර් බිලියන 8-9 අතර ද්වි පාර්ශ්වික වෙළඳාමක් සිදු කිරීමට බලාපොරොත්තු වන බව ඉන්දීය වෙළඳ ලේකම් බී.වී.ආර් සුබ්‍රමනියම් මහතා පවසයි.

ජාත්‍යන්තර වෙළඳාම සඳහා ආනයන සහ අපනයන කරුවන්ට ඉන්දීය රුපියල් මුදල් ඒකකය භාවිතා කිරීමට පසුගිය මස ඉන්දීය මහ බැංකුව ඉඩ ලබා දුන්නේය. ඩොලර් මත යැපීමකින් තොරව රුසියාව සහ ශ්‍රී ලංකාව සමඟ ද්වි පාර්ශ්වික වෙළඳාම පහසු කිරීම සඳහා ගත් තීරණයක් බව විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

ඉන්දීය රුපියල් මුදල් ඒකකයෙන් වෙළඳ කටයුතු සිදු කිරීමේදී විශාල වාසියක් අත්වන බව බී.වී.ආර් සුබ්‍රමනියම් මහතා පෙන්වා දුන්නේය. නමුත් ශ්‍රී ලංකාව සහ රුසියාව සමඟ සිදුකරන වෙළඳ කටයුතු වල වටිනාකම වෙන් වෙන්ව ප්‍රකාශ නොකළ බව ඉන්දීය මාධ්‍ය සඳහන් කළේය.

ඉන්දියාව රුසියාව සමඟ පෙබරවාරි මස සිට ජූලි මස දක්වා කාලය තුල ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් බිලියන 15ක ද්වි පාර්ශ්වික වෙළඳාමක් සිදු කර ඇති බවත් එහිදී ප්‍රධාන වශයෙන් ආනයනය කර ඇත්තේ බොරතෙල් බවත් ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.

Related posts

ඇමැතිවරුන්ට ගුවන් යානාදීම නවතයි

colombotoday

මහසෝන් බළකායේ අමිත් උසාවි ගෙන එද්දී කෑගහල මාධ්‍යට කීව දේ (Video)

colombotoday

මුහුදු ප්‍රදේශ පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කරයි

colombotoday

භික්ෂූන් වහන්සේලාට එජාපයෙන් තහනමක්…

colombotoday

විපක්ෂ නායකවරයාගේ කාන්තා දින පණිවිඩය

Admin

අකුරණ තෙළඹුගහවත්ත ගම්මානයටත් ඇතුල්වීම පිටවීම තහනම්

colombotoday