Colombo Today Local News

තත්පුලන මනෝගනේශන් ගේ කතාවට ප්‍රකෝප නොවෙන්නැයි මහජන ආරක්ෂක ඇමති ජනතාවගෙන් ඉල්ලයි

වතුකරයේ වූ සිද්ධියක් සම්බන්ධයෙන් මහජන නියෝජිතයකු විසින් පසුගිය ඉරිදා දිනයේ ජනතාව ප්‍රකෝප කරන ආකාරයෙන් වගකීම් විරහිතව සිදුකර ඇති ප්‍රකාශයක් සම්බන්ධයෙන් මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා ගේ අවධානය යොමුව තිබේ.

ප්‍රචණ්ඩත්වයට එරෙහිව ආත්මාරක්ෂාව සඳහා ප්‍රතිප්‍රහාර එල්ල කළ යුතු බවත්, රජය සහ නීතිය අපව ආරක්ෂා නොකරන්නේ නම් එය අපගේ අයිතියක් බවටත් මනෝගනේශන් එදින කළ ප්‍රකාශ කර තිබු අතර සමාජ මාධ්‍ය ඔස්සේ ඊට පුළුල් ප්‍රචාරයක් ලබාදී තිබිණ.

මෙවැනි වෛරී ප්‍රකාශවල ගොදුරක් වී නීතිය අතට ගෙන කටයුතු නොකරන්නැයි මහජන ආරක්ෂක අමාත්‍යවරයා වතුකරය ඇතුළු සමස්ත ජනතාව ගෙන් කාරුණිකව ඉල්ලා සිටි.

ඇතැම් දේශපාලකයන් ජන කොටස් වල ඡන්ද ලබාගැනීමේ පටු අරමුණ ඇතිව කරන ප්‍රකාශවල ගොදුරක් වී යම් අයකු නීතිය අතට ගෙන ක්‍රියා කරන්නේ නම් හෝ එවැනි තත්වයක් ඇති කිරීම සඳහා අනුබල දෙන්නේ නම් ඒ ඕනෑම පුද්ගලයෙකුට හෝ සංවිධානයකට එරෙහිව තරාතිරම නොබලා නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව මහජන ආරක්ෂක අමාත්‍යවරයා අවධාරණය කරයි.

Related posts

හරීන්ට එජාපයේ ලොකු පුටුවක් හිමිවෙයි…

colombotoday

රියාජ් බදියුදීන් පාස්කු කොමිසමට

colombotoday

අන්තවාදය මැඩලන යෝජනා අටක් සමග මාතර විහාරාධිපති හිමිවරුන්ගෙන් ජනපතිට ලිපියක්….

colombotoday

මහින්දගේ ප්‍රජා අයිතිය ජීවිතාන්තය දක්වාම අහෝසි කිරීමට නිර්දේශ කෙරේ…

colombotoday

එළඹෙන මාසයේ සිට ඉන්ධන කෝටාවේ වෙනසක්

Admin

උපාධිධාරීන් 5000ක් රාජ්‍ය සේවයට බදවා ගැනී… කැබිනට් අනුමැතිය හිමිවේ

colombotoday