Colombo Today Local News

හිටපු නගරාධිපතිගේ නිවසට නිරුවතින් ආ පුද්ගලයෙකුගෙන් ප්‍රහාරයක්

ඊයේ (20)රාත්‍රී 7ට පමණ බීමත්ව යකඩ පොල්ලක් රැගෙන නිරුවතින් පැමිණි පුද්ගලයෙකු හොරණ නගර සභාවේ හිටපු සභාපති විතානගේ සිරිසෝම මහතාගේ නිවසට අලාභහානි සිදුකර තිබේ.

පහරදීමෙන් හිටපු නගරාධිපතිවරයාගේ දියණියට හා නැගණියට සුළු තුවාල සිදුව ඇත.

එමෙන්ම නිවසේ තිබු භාණ්ඩ කිහිපයකට හා ගේට්ටුව ද හානි සිදුව ඇතැයි වාර්තා වේ.

පහරදීමට පැමිණි පුද්ගලයා නිවසේ සුරතලයට ඇති කරන සුනඛයාට අමානුෂික ලෙස පහරදුන් බව නිවෙස්හිමියන් චෝදනා කරයි.

පහරදීමට පැමිණි පුද්ගලයාව හිටපු නගරාධිපතිවරයා විසින් නගර සභාවේ රැකියාවකට යොදවා ඇති අතර, එහිදී ඇති වු සිද්ධියකට පළිගැනීමක් ලෙස මෙලෙස හැසිරෙන බවට තොරතුරු ලැබී ඇත.

කෙසේවෙතත් අදාළ පුද්ගලයා නිරුවතින් මාර්ගයේ හැසිරෙන අයුරු පුද්ගලයෙක් ජංගම දුරකථනයකින් පටිගත කර තිබේ.

සිද්ධිය සැලවූ වහාම හොරණ පොලීසිය මඟින් සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරු අද (21)දින හොරණ මහෙස්ත්‍රාත් අධිකරනයට ඉදිරිපත් කිරීමට නියමිතය.

Related posts

මාර්ගගත (Online) ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත ගැසට් කෙරේ…

Admin

ආනයනික බිත්තර සිල්ලර වෙළෙඳපොළට නිකුත් කිරීම ගැන තීරණයක් ගෙන නෑ…

Admin

පරිසරයට හානි නොවන සේ නෙළුව – ලංකාගම මාර්ගය දින 90 කින් සාදා නිම කරන්නැයි ජනපතිගෙන් උපදෙස්

colombotoday

ගණේමුල්ලේ වෙඩි තැබීමක්

Admin

පාර්ලිමේන්තු මැතිවරණයේ ඡන්ද විමසීම අවසන්..

colombotoday

ආදිවාසීන්ගේ නිජබිම් පවරා ගැනීමේ සූදානමට එරෙහිව වන්නිලඇත්තෝ අධිකරණයට යයි

colombotoday