Colombo Today Local News

ප්‍රධාන වාරි ජලාශ 73ක ජල ධාරිතාව 29% තෙක් පහළට

වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් ප්‍රධාන වාරි ජලාශ 73ක ජල ධාරිතාව 29% දක්වා පහත බැස තිබේ.

අනුරාධපුර, හුරුලුවැව සහ නාච්චාදුව යටතේ ඇති වී වගාවන් සඳහා තවත් ජල මුර කිහිපයක් ලබාදිය යුතු බව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල කළමනාකරණ ඒකකයේ අධ්‍යක්ෂ සුදර්ශනි විදානපතිරණ මහත්මිය සඳහන් කලාය.

මේ අතර වියළි කාලගුණයෙන් දිවයින පුරා කුඹුරු අක්කර 36,000 කට අධික ප්‍රමාණයක් විනාශ වී ඇති බව කෘෂි රක්ෂණ මණ්ඩලය කියයි.

එහි සභාපති මද්දුම බණ්ඩාර වීරසේකර මහතා සඳහන් කරන්නේ, වැඩිම වගා හානියක් කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් වාර්තා වන බවය.

එම ප්‍රමාණය අක්කර 16,000 කි. මේ දිනවල වලව ප්‍රදේශයට නිලධාරී කණ්ඩායමක් යවා එහි වගා හානි තක්සේරු කරමින් සිටින බව ද මද්දුම බණ්ඩාර වීරසේකර මහතා සඳහන් කරයි.

Related posts

VAT රකුසා එලවන්න ගරා යකාත් පාරට බහී (Video)

colombotoday

සැමට එක නීතියකට, මුස්ලිම් මවුලවිලා එරෙහි වෙයි… අවුරුදු 12 බාල දැරියන් විවාහ කරගැනීමේ අයිතිය දිගටම ඉල්ලයි…

colombotoday

ආයෝජන තොරතුරු ඩිජිටල් කරන්න ජනපතිගෙන් උපදෙස්…

Admin

නිරෝධායන නීති කැඩූ තවත් 104 ක් අත්අඩංගුවට

colombotoday

ජනපතිගෙන් යළි විශේෂ ආරාධනයක්

Admin

ලංකාව ආක්‍රමණයට ඉන්දියාවෙන් කුලී හමුදාවක් ! – වාසු අනතුරු අගවයි

colombotoday