Colombo Today Local News

සෞඛ්‍ය ආයතනවල රු. මිලියන 3000ක හිඟ විදුලි බිල්පත් – ජාතික රෝහලේ පමණක් මිලියන 339ක හිඟ බිලක්..

දිවයින පුරා පිහිටි රෝහල් ඇතුළු සෞඛ්‍ය ආයතනවලින්, විදුලි බිල්පත් සඳහා රුපියල් මිලියන 3000කට ආසන්න මුදලක් අය වීමට ඇතැයි ලංකා විදුලි බල මණ්ඩලය පවසයි.

එහි සාමාන්‍යාධිකාරි රොහාන් සෙනෙවිරත්න මහතා සඳහන් කරන්නේ, අදාළ හිඟ මුදල්, සෞඛ්‍ය අමාත්‍යාංශය හරහා ලංකා විදුලිබල මණ්ඩලයට සෘජුවම ගෙවා දමන්නැයි දැනුම් දුන් බවයි.

මාස 5කට ආසන්න කාලයක් තුළ කොළඹ ජාතික රෝහලේ ගෙවීමට ඇති හිඟ මුදල රුපියල් මිලියන 339 කට ආසන්න වේ.

එම මුදල ගෙවා දමන්නැයි ලංකා විදුලි බල මණ්ඩලයේ නිලධාරීන් ජාතික රෝහලට පැමිණ බලධාරීන්ට දැනුම් දී ඇත.

කෙසේ වෙතත් බිල්පත් නොගෙවූ කිසිදු රෝහලක විදුලිය විසන්ධි කිරීමක් නොකරන බව ලංකා විදුලි බල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරීවරයා සඳහන් කරයි.

Related posts

මෙරට පවුල් 66,000කට ආහාර සහන දීම අරඹයි

Admin

අගමැති මැදිහත්වී ITN මහේෂ්ගේ රැකියාව නැවත ලබාදෙයි

colombotoday

රට තුළ ඉන්ධන හිගයක් අතළගයි.. ඇනවුම් කළ නැව ඇවිත් නෑ.. සංස්ථාවේ තෙල් ඉවරයි

colombotoday

“අයුතු ධනයක් ලෝකයේ ඕනෑම රටක ඇත්නම් නඩු දමන්න”

colombotoday

පරාක්‍රම සමුද්‍රයේ වාන් දොරටු 6ක් අරී

colombotoday

ගුවන් තොටුපොළ විවෘත කිරිම යළි කල් යයි

colombotoday