Colombo Today Local News

පරාක්‍රම සමුද්‍රයේ වාන් දොරටු 6ක් අරී

නොකඩවා ඇද හැලෙන වර්ෂාව හේතුවෙන් පොළොන්නරුව පරාක‍්‍රම සමුද්‍රයේ ජලය පිටාර මට්ටමට පිරීම නිසා එහි වාන් 10න් වාන් දොරටු 06ක් අඩි 01 බැගින් විවෘත කළ බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව කියයි.

මේ වනවිට එහි ජල මට්ටම අක්කර අඩි 1,10,000 ඉක්මවා තිබෙන බව පරාක‍්‍රම සමුද්‍රය වාරිමාර්ග ඉංජිනේරු අසේල උදයංග මහතා අද(05)දින ප‍්‍රකාශ කලේය.

තවදුරටත් වර්ෂාව නොකඩවා පැවැතුණහොත් වාන් දොරටු වැඩි ප‍්‍රමාණයක් විවෘත කර අතිරික්ත ජලය පිටතට මුදාහැරීමට කිරීමට සිදුවනු ඇතැයිද ඒ මහතා කීය.

දැනට එම විවෘතකර තිබෙන වාන් දොරටු හයෙන් තත්පරයකට ඝන අඩි 840ක ජල කඳක් පිටතට යැවෙන බවද ඔහු කීය.

Related posts

එතනෝල් ආනයනය තහනම් කිරීම කිසිදු වෙනසක් නෑ-රමේෂ් පතිරණ

colombotoday

දඹුල්ලේ සහන මල්ල බෙදන්න ගිය ග්‍රාම නිලධාරීවරයෙකුට ප්‍රහාරයක්

colombotoday

කොරෝනා රෝගීන් සංඛ්‍යාව 433ක් දක්වා ඉහලට

colombotoday

ශ්‍රී ලංකාවේ අධ්‍යාපනයට කොරියානු රජයෙන් ආධාර රැසක්

colombotoday

පාතාල පුතාගේ අපරාධ මෙහෙයවු මව

colombotoday

අයවැය දෙවැනි වර කියවීමේ විවාදයේ දෙවැනි දිනය අද

Admin