Colombo Today Local News

නිරෝධායන නීති උල්ලංඝනය කරන්නන්ට වෙන දේ

නිරෝධායන නීති උල්ලංඝනය කරන පුද්ගලයින් අද (05)දිනයේ සිට PCR පරීක්ෂණයට හෝ ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂාවට ලක්කිරීමට පියවරගන්නා බව පොලීසිය පවසයි.

මුහුණු ආවරණ නොපළදින හා සමාජ දුරස්ථභාවය පවත්වා නොගැනීම සම්බන්ධයෙන් පොලිස් භාරයට ගනු ලබන පුද්ගලයින්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට අමතරව ඔවුන් මෙලෙස කොවිඩ් පරීක්ෂණ සඳහා යොමුකිරීමට තීරණය කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

ගතවු පැය 24 තුළ ද නිරෝධායන නීති උල්ලංඝනය කළ පුද්ගලයින් 74 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ අනුව පසුගිය ඔක්තෝබර් මස 30 වනදා සිට මේ දක්වා නිරෝධායන නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් පුද්ගලයින් 2170 දෙනකු අත්අඩංගුවට ගෙන ඇති බව අජිත් රෝහණ මහතා සඳහන් කළේය.

Related posts

රිළවුන් අපනයනය ගැන කරුණු කියන්න ලබන 26තෙක් කල්දෙයි

Admin

ගිංතොට ආරක්ෂාව තර කරයි.. ප්‍රදේශ කිහිපයකට පොලිස් ඇදිරිනීතිය !

colombotoday

අද හෝ හෙට පෙට්‍රල් නෞකාවක් දිවයිනට – ජාතික ඉන්ධන අවසරපත සඳහා ලියාපදිංචිය අවසන් වනතුරු තෙල් බෙදන්නේ නැහැ.

colombotoday

තවත් ග්‍රාම නිලධාරී වසම් 16ක් හුදකලා කරයි

colombotoday

නව අගමැති දිවුරුම් දීම අද?

colombotoday

පෞ. සමාගමකට අයත් ගුවන් යානයක් හදිසියේ ම කිඹුලාපිටියට ගොඩ බායි

colombotoday