Colombo Today Local News

රිය අනතුරකින් මීගොඩ පොලිස් ස්ථානාධිපති රෝහලේ…

තිනියාවල පොලිස් වසමේ 13 කණුව අසලදි අද (26) අලුයම සිදු වූ රිය අනතුරකින් මීගොඩ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක නෙවිල් ප්‍රියන්ත මහතා තුවාල ලබා රෝහල් ගත කර ඇත.

දෙණියාය ප්‍රදේශයේ තම නිවසේ පැවැත්වෙන උත්සවයකට සහභාගිවිම සදහා පැලවත්ත සිට නෙලුව දෙසට ගමන් කරමින් සිටියදි මෙම අනතුර සිදුව තිබේ.

ඒ මහතා ගමන් කළ ටොයෝටා වර්ගයේ පුද්ගලික කාර් රථය මාර්ගයේ ආරක්ෂක ආවරණ වැටෙහි ගැටි අඩි 30 පමණ ප්‍රපාතයකට පෙරලිගොස් ඇති අතර එහිදී ස්ථානාධිපතිවරයා තුවාල ලබා ප්‍රතිකාර සදහා මැදගම රෝහලට ඇතුළත් කර ඇතැයි පොලිසිය සඳහන් කරයි.

තිනියාවල පොලිසිය මගින් වැඩිදුර පරික්ෂණ පවත්වයි.

Related posts

මහර බන්ධනාගාරයේ සිද්ධියට එරෙහිව සමගි ජනබලවේගය විරෝධතාවයක

colombotoday

හෙටත් ගැස් බෙදන්නේ නැහැ

colombotoday

බදියුදීන් රෝහල්ගත කරයි

colombotoday

කොලඹ සුපිරි නිවාස සංකීර්ණයකින් කොරෝනා.. වසා දමයි

colombotoday

බුදු දහමට නිගා කළ චීවරධාරියා රිමාන්ඩ්

Admin

රුපියල කඩා වැටීමට හේතුව ගෝඨාභය හෙළි කරයි…

colombotoday