Colombo Today Local News

උ.පෙළට ගුරුවරුන් බඳවා ගැනීමේ තරග විභාගයක්

උසස් පෙළ විෂයන් කිහිපයකට අදාළව ගුරුවරුන් බඳවා ගැනීමේ තරග විභාගයක් පැවැත්වීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ.

ඒ සඳහා කැබිනට් අනුමැතිය ද ලැබුණු බව අමාත්‍යාංශය පැවසීය.

ඒ අනුව, උසස් පෙළ ගණිතය හා විද්‍යාව විශය ධාරා සඳහාත් විදේශීය භාෂා විෂයන් සඳහාත්, තාක්ෂණික විෂය ධාරාව සඳහාත් ගුරුවරුන් බඳවා ගැණෙනු ඇති.

පළාත් මට්ටමින් මේ යටතේ බඳවා ගැණෙන පිරිස 5450 කි.

අවුරුදු 35 ට අඩු ගුරු ව්‍යවස්ථාවට අනුව සුදුසුකම් සපුරා ඇති උපධිදාරීන්ට මේ සඳහා ඉදිරිපත් විය හැකි බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.

විභාගය සඳහා අයැදුම්පත් කැඳවීම ඉදිරි සති කිහිපය තුළ සිදු කෙරෙනු ඇති.

Related posts

බස් මගීන්ගේ ගැටලු ඉදිරිපත් කරන්න BAD BUS

colombotoday

ආයුර්වේද සංශෝධන පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ විවාදය අද

Admin

ඡන්ද පත්‍රිකා මුද්‍රණය අරඹයි

colombotoday

යුරෝපයේ ශ්‍රී ලාංකිකයන් වෙත විශේෂ දැනුම්දීමක්…

colombotoday

ලංකා සතොස ඇතුළු සේවා කිහිපයක් අත්‍යවශ්‍ය සේවා ලෙස ප්‍රකාශ කරමින් විශේෂ ගැසට් නිවේදනයක්

colombotoday

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට මෙහෙයවනු ලබන මත්ද්‍රව්‍ය ජාවාරමක සැකකරුවෙකු හෙරොයින් කිලෝ 40ක් සමඟ අත්අඩංගුවට

colombotoday