Colombo Today Local News

ගම්පහ සහ අක්කරෙයිපත්තුවේ ප්‍රදේශ කිහිපයකට පැය 10ක ජල කප්පාදුවක්

රන්පොකුණුගම සහ කිරිඳිවැල ජලසම්පාදන ක්‍රමයේ අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට පැය 10කට ආසන්න කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාප්‍රවාහන මණ්ඩලය පවසයි.

එම මණ්ඩලය සඳහන් කරන්නේ, අද පෙරවරු 8.30 සිට පස්වරු 6.00 දක්වා මෙම ජල කප්පාදුව සිදුවන බවය.

ඒ අනුව පූගොඩ, කිරිඳිවල, රන්පොකුණුගම නිවාස සංකීර්ණය, වතුපිටිවල, මාඉඹුල, මදුවේගෙදර, ඌරපොළ සහ අත්තනගල්ල යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවනු ඇත.

මේ අතර අම්පාර දිස්ත්‍රික්කයේ අක්කරෙයිපත්තු ජල සම්පාදන ක්‍රමයේ අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත් හේතුවෙන් අද පෙරවරු 4.00 සිට පස්වරු 1.00 දක්වා පැය 09 කාලයක් බව ජාතික ජල සම්පාදන හා ජලාප්‍රවාහන මණ්ඩලය සඳහන් කළේය.

එම මණ්ඩලය පැවසුවේ අක්කරෙයිපත්තුව, ඉරක්කාමම්, අඩ්ඩලච්චේන, ඔලුවිල් සහ පාලමුන යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටු වන බවය.

Related posts

ශ්‍රී ලංකාවාසීන්ට දර්ශනීයම ජෙමිනිඩ්ස් උල්කාපාත වර්ෂාව බලන්න අවස්ථාවක්

Admin

ඕමානයේ රැඳී සිටි ලාංකිකයන් පිරිසක් දිවයිනට

colombotoday

“ස්විස් තානාපති කාර්යාලයේ සේවිකාවක් පැහැරගත්තා”යැයි කියන සිදුවීම සිදුනොවූ දෙයක් බව ජනපති කියයි

colombotoday

රුවන්වැල්ලේ ඝාතනයක්

Admin

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති ඉල්ලා අස්වෙයි

colombotoday

ථෙරවාද හෝ මහායාන නොවන ආගමික සංස්කෘතියක් සෑදීමට රතන හිමි යයි. | මහන වෙලා එන්න පැරණි හිතවතුන් කියයි.

colombotoday