Colombo Today Local News

පොලිස් අණ නොතැකූ යතුරු පැදියකට ලුහුබැඳ ගිය පොලිසියෙන් වෙඩි ‍

අම්පාර – දිඝවාපිය ප්‍රධාන මාර්ගයේ මානික්කම්මඩුව පාලම අසලදී පොලිස් අණ නොතකා පලාගිය යතුරු පැදියක් ලුහුබැඳ ගිය පොලිසිය ‍එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් යතුරු පැදියේ පිටුපස ගමන් කළ අයකු තුවාල ලබා ඇතැයි පොලිසිය පවසයි.

දීඝවාපිය සිට එරගම දෙසට ධාවනය වූ යතුරු පැදිකරුට නවතින ලෙස කොට්ඨාස රථවාහන අංශයේ නිලධාරින් මානික්කම්මඩුව පාලම අසලදී අණ කර ඇති නමුත් ඔවුන් නොනවත්වා පළා ගොස් ඇත.

එවිට යතුරු පැදිය ලුහුබැඳ ගිය පොලීසිය අවස්ථා දෙකකදි ඔවුන්ට තවතින්නට අණ කළත් තවදුරටත් පලායාමට උත්සාහ කළ විට තබන ලද වෙඩි පහරින් මෙසේ පසු අසුනේ ගමන් කල අයගේ දකුණු පාදයකට වෙඩි වැදී ඔහු අම්පාර මහ රෝහලට ඇතුලත් කර ඇත.

යතුරු පැදිකරු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු අම්පාර අධීකරණයට ඉදිරිපත් කිරිමට නියමිත විය.

Related posts

මමත් එදා චන්ද්‍රිකාට බැන බැන, අඬ අඬා හිටියානම් යුද්දය තවත් ඉවර නෑ..

colombotoday

මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කළ බවට සැක යාත්‍රාවක් ගාලු මුහුදේදී නාවික හමුදා භාරයට

colombotoday

නව බන්ධනාගාරය ඉදිකිරීමට නියමිත හොරණ, මිල්ලෑව වතු යායට අයත් භූමිය ජනපතිගේ නිරීක්ෂණයට‍

colombotoday

කුරාණය ප්‍රශ්න කරන්න ආවොත් ඊළගට කරන දේ මන්ත්‍රී මුජිබර් කියයි (Video)

colombotoday

මහවැලි ගඟේ නන්නාදුනන කාන්තාවකගේ මළ සිරුරක්

colombotoday

නිල නිවාසවල නිරෝධායනය වූ පොලිස් පිරිස් ගමට පනිති

colombotoday