Colombo Today Local News

පුද්ගලික සමාගමක අධ්‍යක්ෂවරයෙක්ගේ මළ සිරුරක් කුරුඳුවත්තේ මහල් නිවාසයක් අසළ

කොළඹ 07 – රොස්මිඩ් ප්‍රදේශයේ මහල් නිවාස සංකීර්ණයක් ආසන්නයේ තිබී මියගිය පුද්ගලයෙකුගේ සිරුරක් හමු වී තිබේ.

අදාළ පුද්ගලයා එම නිවාස සංකීර්ණයේ හත්වන මහලේ සිට බිමට ඇදවැටී මියගොස් ඇති බවට පොලිසියට තොරතුරු වාර්තා වී ඇත.

ඔහු ඉන් ඇදවැටී මියගියේ ද නැතිනම් මෙම මරණයට වෙනත් හේතුවක් පවතින්නේ ද යන්න පිළිබඳව විමර්ශන ක්‍රියාත්මකයි.

මරණකරු වයස අවුරුදු 47ක් පමණ වූ කොළඹ 05 ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

ඔහු පුද්ගලික සමාගමක අධ්‍යක්ෂවරයෙක් ලෙස කටයුතු කළ අයෙක් බව ද පොලිසිය සඳහන් කරයි.

Related posts

ඖෂධීය කංසා ලෝක වෙළෙඳපොළේ විශාල ඉල්ලුමකට සපයන්න නීති හදා අවසන්

colombotoday

ජාතික ලුණු සමාගමට නව සභාපතිවරයෙක්

Admin

රාජ්‍ය සේවයේ වැටුප් ඉහළට…

colombotoday

රුසියානු හමුදා ග්‍රහණයේ සිටි 7දෙනාගෙන් 4ක් වෛද්‍ය සිසුන්

colombotoday

බොරුව පිළිගත් ගානියාට අත්හිටැවූ සිර දඬුවම්

Admin

කොල්ලුපිටිය නව වෙළඳ සංකීර්ණය කඩිනම් කරන්නැයි අගමැතිගෙන් උපදෙස්

colombotoday