Colombo Today Local News

ඖෂධීය කංසා ලෝක වෙළෙඳපොළේ විශාල ඉල්ලුමකට සපයන්න නීති හදා අවසන්

ආයුර්වේද නිෂ්පාදන ලෙස කංසා ගැන නීතිගත කිරීමට අදාළ නීති මේ වන සකස් කර අවසන් බව දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි පවසයි.

අදාළ නීතී කඩිනමින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර අනුමැතිය ලබාගැනීමට නියමිත බව අමාත්‍යවරයා පෙන්වා දෙයි.

කොළඹ පැවති උත්සවයකට එක්වෙමින් රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි එම අදහස් පළ කළේය.

“නීතියක් නැතුව එක එක්කෙනාට අවශ්‍ය විදියට නීති වෙනස් කරන්න බෑ. අපේ රටේ විෂ, අබිං, මත්ද්‍රව්‍ය පිළිබඳ පනත් තියෙනවා ඒ පනත්වලට ඒවා පටහැනියි. ඒක නිසා එක එක්කෙනාට ඉබාගාතේ ගංජා සම්බන්ධයෙන් හෝ කංසා සම්බන්ධයෙන් ප්‍රකාශ නිකුත් කරන්න අයිතියක් නෑ. ඒ වගේම රටට හානියක් වෙන්න දෙන්න බෑ. මේවා විනෝදාස්වාදය සඳහා යොදා ගන්න බෑ. මේවායේ අතුරු ප්‍රතිඵල එන්නේ මරුජුවානා විදියට. ඒ නිසා මත්ද්‍රව්‍යවලට තරුණයින් යොමු කරන්න ඉඩදෙන්න, රාත්‍රී සමාජ ශාලාවල මේවා භාවිත කරන්න ඉඩදෙන්න ඒ නීතිය ට අපිට පුළුවන් කමක් නෑ, ආයුර්වේද නිෂ්පාදන විදියට ආයුර්වේදය උපයෝගි කරගෙන ඖෂධ නිෂ්පාදනය කිරීමෙන් අපිට පුළුවන් ඖෂධීය කංසා සහ ඒ නිස්සාරණ ලෝක වෙළෙඳපොළේ විශාල ඉල්ලුමකට සපයන්න. ඒ නීති හදලා ඉවරයි. අපි කැබිනට් මණ්ඩලයට මේ දවස් දෙක තුන තුළ ඉදිරිපත් කරනවා.”

Related posts

අම්මා රට ගිය පසු පියා නව හැවිරිදි දියණියව අඹුකමට අරන්

colombotoday

ක්‍රිකට් තරග පැවැත්වෙන දිනවලදී කොළඹට විශේෂ රථවාහන සැලැස්මක්

Admin

විහිළු සහගත සිහින සහිත මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කළා. මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ විරෝධය

colombotoday

මෙරට බැංකු පද්ධතිය ස්ථාවරයි – මහ බැංකු අධිපති

Admin

බතලගොඩ වී පර්යේෂණ ආයතනය දෙදිනක් ජනතාවට විවෘත වෙයි

Admin

පොහොට්ටුවෙන් ගම්පහට තබ්ලික් ජමාත් අන්තවදියෙකුට නාම යෝජනා දෙන්න යයි.

colombotoday