Colombo Today Local News

වෙළෙඳ නාවික ලේකම් කාර්යාලයේ මහජන සේවාවන් තාවකාලිකව අත්හිටුවයි

වෙළෙඳ නාවික ලේකම් කාර්යාලයේ මහජන සේවාවන් තාවකාලිකව අත්හිටුවූ බව එම කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

එම කාර්යාලය දැනට කොල්ලුපිටිය, අනගාරික ධර්මපාල මාවතේ අංක 53 දරණ ස්ථානයේ තාවකාලිකව පවත්වාගෙන යන බවත් එම කාර්යාලය කොළඹ 10, මරදාන පාර, ටෙක්නිල් හන්දිය, අංක 79 යන ලිපිනයේ පිහිටි ගොඩගිලි පරිශ්‍රයකට ගෙන යෑමට නියමිත බැවින් මේ මස 28 වනදා සිට ජූලි 31 දෙදින තුළ මහජනතාවට සාමාන්‍ය සේවා සැපයීම තාවකාලිකව අත්හිටුවන බවත් එම නිවේදනයේ සඳහන් වෙයි.

හදිසි සේවාවන් මාර්ගගත ක්‍රමයට පවත්වාගෙන යන බවත් වට්ස්ඇප් අංක 0701107788 අංකයට කෙටි පණිවුඩයක් යොමුකිරීමෙන් වැඩිදුර තොරතුරු ලබාගත හැකි බවත් එම නිවේදනයේ දැක්වෙයි.

Related posts

උසස් පෙළ හා ශිෂ්‍යත්වය ගැන අවසන් තීරණය මැතිවරණ දිනය ප්‍රකාශයට පත් කිරිමෙන් පසු

colombotoday

පැනමා රහස් ලේඛණවලින් ලංකාවේ මෙගා ඩීල් එළියට !

colombotoday

පාසල් සිසුන් 400ක් පාර්ලිමේන්තු යයි

Admin

සුනාමි ගම්මානයේ පල්ලියක් අසල වෙඩිතැබීමක්

colombotoday

කවුරුත් සගවන අලුත්ගම ජිහාඩ් භීෂණයේ ඇත්ත කතාව (Video)

colombotoday

දිස්ත්‍රික්ක 3ක තවත් ප්‍රදේශ කිහිපයක් හුදකලා කෙරේ

colombotoday