Colombo Today Local News

රාජ්‍ය සේවයේ වැටුප් ඉහළට…

රජයේ සේවකයින්ගේ මූලික වැටුප මේ මාසයේ සිට රුපියල් 2500ත් 10,000ත් අතර මුදලකින් ඉහළ දැමෙන බව මුදල් අමාත්‍යාංශය සඳහන් කරයි.

රාජ්‍ය සේවයේ පහළම සේවකයාගේ  මූලික වැටුප මේ මාසයේ සිට රුපියල් 2500කින් ඉහළ යන අතර ඉහළම නිලධාරියාගේ වැටුප රුපියල් 10,000න් වැඩි වන බවද එම අමාත්‍යාංශය පවසයි.

රජය 2015 වසරේදී රාජ්‍ය සේවකයින්ට රුපියල් 10,000ක දීමනාවක් ලබා දුන් අතර එම දීමනාව 2016 වසරේ සිට 2020 වසර දක්වා කාලය තුළ මූලික වැටුපට ගැලපීමටද තීරණය කළේය.

ඒ අනුව එහි පියවරක් ලෙස රාජ්‍ය සේවකයින්ගේ මූලික වැටුප 2019 වසරේ ජනවාරි මාසයේ සිට රුපියල් 2500 – 10,000ක් අතර ප්‍රමාණයකින් වැඩිවීමට නියමිතව තිබිණ.

රාජ්‍ය සේවකයින්ගේ මූලික වැටුප ඉහළ නැංවීමේ අවසන් පියවර 2020 වසරේ ජනවාරි මාසයේ  සිදු කෙරෙන අතර එම වසරේදී ද ඔවුන්ගේ මූලික වැටුප රුපියල් තවත් 2500 – 10,000 අතර ප්‍රමාණයක් වැඩි කෙරෙන බවද මුදල් අමාත්‍යාංශය පවසයි.

Related posts

ජනාධිපතිවරණයටත් ඇලෝසියස්ගේ මුදල් අරන්? – ෆොන්සේකාගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්

colombotoday

ඩුප්ලිකේෂන් මාර්ගය යළි ඇරේ..

Admin

නඩු 17කට වරෙන්තු නිකුත් වූ සැකකරුවෙක් අත්අඩංගුවට

Admin

උතුරේ වැලි ජාවාරම්කරුවන් බේරාගන්න මානව හිමිකම් කොමසාරිස්‌ සහයට එයි?

colombotoday

මමත් සිංහලේ තමයි – ඇමති හරීන්ට අම්මා තාත්තා මතක්වී කියයි

colombotoday

ජනවාරි මාසයේ සිට විදුලි බිල්පත් නොගෙවූ අයගේ විදුලිය විසන්ධි කරයි

colombotoday