Colombo Today Local News

ජොන්ස්ටන් ට එරෙහි අල්ලස් නඩුවක් විභාගයට දින දෙයි

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු විත්තිකරුවන් තුන්දෙනෙකුට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන නඩුවක් විභාග කිරීම සඳහා කොළඹ මහාධිකරණය දින නියම කර තිබේ.

එම නඩුව අද (20)දින කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා ඉදිරියේ කැඳවනු ලැබීය.

ඒ අනුව, පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය අවසන් කළ මහාධිකරණ විනිසුරු වරයා නඩු විභාගය නොවැම්බර් මස 24 වන දා පැවැත්වීමට ද දින නියම කර ඇත.

වෙළෙඳ අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ අවධියේ සතොස ආයතනයේ සේවකයින් ඔවුන්ගේ නිල රාජකාරිවලින් ඉවත් කර දේශපාලන කටයුතුවල යෙදවීම තුළින් රජයට පාඩුවක් සිදුකළේ යැයි චෝදනා කොට අල්ලස් කොමිසම විසින් හිටපු වෙ‍ෙළඳ අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු සතොස ආයතනයේ හිටපු සභාපති එරාජ් ප්‍රනාන්දු සහ හිටපු අධ්‍යක්ෂවරයෙකු වන මොහොමඩ් සාකීර් යන අයට එරෙහිව අල්ලස් කොමිසම විසින් මෙම නඩුව ගොනුකර තිබේ.

Related posts

නිර්පාක්ෂිකයන්ට පහරදුන්නාට බේරේ වැවේ ගිල්වයි. කැබ්රථයක් සහ බසයකුත් වැවේ

colombotoday

මැයව හදුනනවාද? වහාම පොලිසියට දන්වන්න.

colombotoday

ඌවේ දෙමළ පාසල්වල සිංහල ගුරුවරුන් ඉවත් කරනවා ! – සෙන්දිල් තොණ්ඩමාන්

colombotoday

වතු වගාව විනාශයි – වතු කම්කරු සංගමය

colombotoday

මහින්දගේ තවත් ආරක්ෂකයන් 50 ක් ඉවත් කෙරේ..

colombotoday

පිළියන්දලට ඇතුළුවීම තනහම් කරයි

colombotoday