Colombo Today Local News

මහින්දගේ තවත් ආරක්ෂකයන් 50 ක් ඉවත් කෙරේ..

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාවට යොදවා සිටි තවත් පොලිස් නිලධාරීන් 50 දෙනෙදෙකු ඉවත් කිරීමට පොලිස්පතිවරයා විසින් ඊයේ පස්වරුවේ දැනුම් දී ඇතැයි ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.

ප්‍රධානතම ඉලක්කය වී සිටින හිටපු ජනාධිපතිවරයා ඝාතනය කිරීමේ අරමුණින් යුතුව සිදු කල පැහැදිලි දේශපාලන පලිගැනීමක් ලෙස සැලකිය හැකි යැයි අලහප්පෙරුම මන්ත්‍රීවරයා පැවසීය.

මීට දින කිහිපයට පෙර පොලිස් නිලධාරින් 40 දෙනෙකු ඉවත් කිරීම සම්බන්ධයෙන් නීතිය හා සාමය පිළිබද විෂය භාර අමාත්‍ය සාගල රත්නායක මහතා පාර්ලිමේන්තුවේ ඒ සම්බන්ධව ප්‍රකාශයක් කොට මින් ඉදිරියට එවැනි ආරක්ෂක අංශ මාරු කිරීමක් සිදුකරනුයේ නිසි ඇගයීමකින් පසුව බවට කල ප්‍රකාශය පැය 24ක් යන්නට මත්තෙන් කඩ කර ඇතැයි ඔහු වැඩිදුරටත් පැවසීය‍.

පසුගිය මැයි දිනය දා මහින්ද රජපක්ෂ මහතාගේ ගෝල්ෆේස් පිටියට පැමිණි සෙනග දැක ආණ්ඩුව ඔහුගේ ආරක්ෂාවට යොදා සිටි පොලිස් නිලධාරින් ඉවත් කරන්නේ නම් එය බලවත් වරදක් බව ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතාද පසුගිය දා විවේචනයට ලක් කළේය.

Related posts

අපේ මුහුදේ මාළු ඇල්ලු ඉන්දීය ධීවරයන් 21ක් නාවික හමුදා භාරයට

Admin

රටපුරා අනවසර මුස්ලිම් පල්ලි පන්සීයක්

colombotoday

ගෝඨාභයගෙන් සහතිකයක් !

colombotoday

යතුපැදිකරුවන් ගිය 6ක් මරුට – පදිකයන් තිදෙනෙකුත් බිළි

colombotoday

පෙට්‍රල්වලින් භූමිතෙල් ගද වහනය වන බවට රට වටෙන් පැමිණිළි.. IOC බාල තෙල් තොගය හොරෙන්ම ගොඩබෑවාදැයි සැක

colombotoday

කෘෂිකර්මාන්තයට මුල්තැන දෙන ජාතික ප්‍රතිපත්තියක් !

colombotoday