Colombo Today Local News

යුද්ධ හමුදා ගිලන් රථයක් වෑන් රථයක ගැටී පාසල් ළමුන් 3ක් ඇතුළු 6ක් රෝහලේ

බලන්ගොඩ ඔිපනායක උඩවෙල ප්‍රදේශයේදි යුද්ධ හමුදා ගිලන් රථයක් සහ වෑන් රථයක් එකිනෙකට ගැටිමෙන් අද (20)දින සිදු වු අනතුරකින් පාසල් ළමුන් තිදෙනෙකු ඇතුළු හය දෙනෙකු තුවාල ලබා බලන්ගොඩ මුලික රෝහලට ඇතුලත් කර ඇතැයි බලන්ගොඩ රෝහල් පොලිසිය පවසයි.

දියතලාව යුද්ධ හමුදා කදවුරට අයත් ගිලන් රථයක් සහ වෑන් රථයක් කොළඹ බදුල්ල ප්‍රධාන මාර්ගයේ ඔිිපනායක උඩවෙල ප්‍රදේශයේදි මෙලෙස අනතුරට ලක්ව ඇතැයි පොලිසිය සඳහන් කරයි.

අනතුරින් යුද්ධ හමුදා ගිලන් රථයේ රියදුරුද තුවාල ලබා ඇති අතර වෑන් රථයේ රියදුරුගේ තත්ත්වය බරපතළ බැවින් රත්නපුර මහා රෝහල වෙත මාරැ කර යවා ඇතැයි බලන්ගොඩ රෝහල් පොලිසිය පවසයි.

සිද්ධිය සමිබදයෙන් ඔිපනායක පොලිසියේ රථවාහන අංශයේ නිළධාරිහු විසින් පරික්ෂණ සිදු කරයි.

Related posts

සමගි ජන බලවේගයේ අපේක්‍ෂකයෙකු අත්අඩංගුවට

colombotoday

උද්ඝෝෂණ, විරෝධතා මඩින්න සුනඛයන් කැදවයි !!

colombotoday

රිය අනතුරකින් මන්ත්‍රීවරියක් මරුට

colombotoday

2024 නව වසර ආරම්භ වෙන්නේ ඖෂධ 300ක හිඟයක් එක්ක

Admin

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ කපිතාන් ඇතුළු තිදෙනෙකුට රටින් පිට වීම වළක්වමින් අධිකරණ නියෝගයක්

colombotoday

කොමදෝරු දසනායක ඇතුළු හයක් ඇපමත නිදහස් කෙරේ..

colombotoday