Colombo Today Local News

කැබ් රථයක් බසයක ගැටී 5ක් රෝහලේ..

අද (18) උදෑසන මොරටුව එගොඩ උයන ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් පස්දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබේ.

මොරටුව එගොඩ උයන ප්‍රදේශයේදී රෝදයක් මාරු කිරීමට නවතා තිබූ බස් රථයක කැබ් රථයක් ගැටී අනතුර සිදුව ඇත.

කැබ් රථය පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳපොළට ගමන් කරමින් තිබිය දී එලෙස අනතුරට ලක්ව ඇති අතර, අනතුරින් කැබ් රථයේ සිටි පස්දෙනෙකු තුවාල ලබා පානතුර රෝහලට ඇතුළත් කර ඇත.

ඉන් එක් අයෙකුගේ තත්ත්වය බරපතළ වීම හේතුවෙන් ඔහුව කොළඹ ජාතික රෝහලට මාරුකර යවා තිබේ.

අනතුරට හේතුව රියදුරුට නින්දයෑම බව වාර්තා වෙයි.

අනතුර පිළිබඳව වැඩිදුර විමර්ශන එගොඩ උයන පොලීසිය විසින් සිදුකරනු ලබයි.

Related posts

2020 අවසන් වනතුරු GSP බදු සහනය ලබා දීමට ඇමරිකානු ජනපති ට්‍රම්ප් එකග වෙයි

colombotoday

මත්ද්‍රව්‍ය කිලෝ 200ක් රැගත් බහුදින යත්‍රාවක් සමඟ 5ක් අත්අඩංගුවේ

Admin

අළුත්ගම සිංහල මුස්ලිම් ගැටුම ඇතිකලේ රාජිත සේනාරත්න

colombotoday

සුදු වෑන් නාටකය ඇණකොන්ඩා… බොරු රැවුල් අලවා ගෙනැවිත් ඇත්තේ ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ රියදුරෙක් !

colombotoday

අමෙරිකානු තානාපතිනිය මහ බැංකු අධිපති හමුවෙයි

Admin

ජොන්ස්ටන් ආසන සංවිධායක ධුරයෙන් ඉවතට

colombotoday