Colombo Today Local News

අළුත්ගම සිංහල මුස්ලිම් ගැටුම ඇතිකලේ රාජිත සේනාරත්න

rajitha-aluthgamaමීට වසර කිහිපයකට පෙර අළුත්ගම ප්‍රදේශයේ සිදුවූ සිංහල මුස්ලිම් ගැටුම ඇතිකිරීම සදහා කුමන්ත්‍රණය සිදුකලේ වර්තමාන සෞක්‍ය ඇමති රාජිත සේනාරත්න මහතා බව හිටපු ඇමති කෙහෙළිය රඹුක්වැල්ල මහතා අද (14) මහනුවර පැවති ජනහමුවකදී අනාවරණය කර සිටියා.

අළුත්ගම ප්‍රදේශයේ බෞද්ධ සිද්ධස්ථානයක් තුලට ගවයකුගේ ඔලුවක් ගෙනැවිත්දමා බොදු බල සේනා සංවිධානය එම ප්‍රදේශය සදහා යොමුකිරීමට අවශ්‍ය මුලික වටපිටාව සැකසීම සදහා කුමන්ත්‍රණය කලේ රාජිත සේනාරත්න අමාත්‍යවරයා බව අවධාරණය කර සිටි රඹුක්වැල්ල මහතා එයින් රාජිත සේනාරත්න අමාත්‍යවරයා බලාපොරෝත්තුවුවේ මහින්ද රාජපක්ෂ ආණ්ඩුව කෙරෙහි මෙරට මුස්ලිම් ජනතාව කළකිරවීමට බව සදහන් කර සිටියා.

මෙම ගැටුමට බොදු බල සේනා සංවිධානය වගකිවයුතු බවට බොහෝ සංවිධාන ප්‍රකාශ කර සිටි අතර එය තරයේ ප්‍රතික්ෂේප කර සිටි පුජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි එහි පරීක්ෂණ කටයුතු සදහා කොමිසමක් පත්කරන ලෙසට එවකට පැවති ආණ්ඩුවෙන් සහ වර්තමාන රජයෙන්ද ඉල්ලීම් සිදු කලත් කිසිදු පාර්ශවයක් ඒ සදහා ඉදිරිපත්වුවේ නෑ.

කෙසේ වෙතත් මෙම ගැටුම ඇතිවූ කාලයේදී ඇමති රාජිත සේනාරත්න මහතා යටතේ ක්‍රියාත්මකවන පාතාල කල්ලියක් ගැටුම ඇතිකළ බවට විවිධ පාර්ශවයන්ගෙන් චෝදනා එල්ලවුනා.

Related posts

මාස දෙකට ඩෙංගු රෝගීන් 9,809ක්

colombotoday

ශ්‍රී ලංකා සහ ඇෆ්ගනිස්ථාන T20 දෙවන තරගය අද

Admin

ජනවාරි 20න් පසු කාලගුණයේ වෙනසක් !

colombotoday

කිරි පිටි මිල රු125 කින් ඉහළට

colombotoday

රවී, බදුර්දීන් හා හකීම් ගැටෙති..!

colombotoday

දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයා බැලීමේ ජනාධිපති කොමිසමට රනිල් ව කැඳවයි

colombotoday