Colombo Today Local News

යුද සෙබලෙක් තුර්කි කතකට බසයක් තුළදී ලිංගික අතවරයක් කරලා

මහනුවර සිට දඹුල්ල දක්වා ධාවනය වෙමින් තිබූ පෞද්ගලික බස් රථයක් තුළදී තුර්කි ජාතික සංචාරක කාන්තාවකට ලිංගික අතවරයක් කළ යැයි කියන යුද හමුදා කෝප්‍රල්වරයෙක් දඹුල්ල මුලස්ථාන පොලිසිය විසින් පෙරේදා11 සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.

මෙසේ සැකපිට අත්අඩංගුවට ගනු ලැබ ඇත්තේ වවුනියාව ප්‍රදේශයේ පිහිටි යුද හමුදා කඳවුරක රාජකාරි කරන මාතලේ ප්‍රදේශයේ පදිංචි කෝප්‍රල් වරයෙකි.

තුර්කි කාන්තාව ඇයට සිදු වූ බව කියන ක්‍රියාව ගැන මගීන්ට දැනුම් දීමෙන් පසු මගින් විසින් සැකකරු අල්ලා දඹුල්ල මූලස්ථාන පොලිසියට බාර දී ඇත. පසුව සැකකරු අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී ඔහු යුද හමුදා කෝප්‍රල්වරයකු බවට හෙලි වී ඇත.

දඹුල්ල මූලස්ථාන පොලිසියේ නිලධාරින් කණ්ඩායමක් සැකකරු සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Related posts

හිජාස් හිස්බුල්ලා තවත් දින 90ක් රඳවා ගැනීමට අනුමැතිය.

colombotoday

දුම්රිය දෙපාර්තමේන්තු සේවකයෙක් පිහියෙන් ඇන මරා දාලා

Admin

නැගෙනහිර ඡන්දයට හිස්බුල්ලා සහරාන් සමග ගිවිසුමක් ගැහුවා – අසාද් සාලි කියයි

colombotoday

ඉන්දියාවේ පැතිර යන කලු දිලීර ආසාදිතයෙක් අම්පාරෙන් වාර්තා වෙයි

colombotoday

නීතීඥ සංගමයේ සභාපතිට ඉල්ලා අස්වෙන්න කියයි

Admin

ලංකාවේ ගත වු පැය 24 තුළ කිසිදු ආසාදිතයෙක් වාර්තා වී නොමැත

colombotoday