Colombo Today Local News

රට වෙනුවෙන් උරදුන් රණවිරුවෙක්, බෞද්ධ අන්තවාදියෙකු ලෙස හංවඩු ගසා නාවික හමුදාවෙන් නෙරපයි !

ranaviru4ත්‍රිකුණාමලය නිලාවේලී විජයබා නාවික හමුදා කදවුරේ සේවය කරමින් සිටි නාවික සෙබල මුදිත කෞශල්‍ය සමරනායක (82795) නාවික හමුදාවෙන් අවමන් සහිතව ඉවත්කර තිබෙනවා.

2016 මැයි මස 11 වන දින colombotoday වෙබ් අඩවිය සහ සමාජ ජාලවල පල වූ නිලාවේලි නාවික කදවුර සම්බන්ධයෙන් වූ පුවතක් පාදක කරගෙන චෝදනා එල්ල කරමින් මෙම සෙබළා නාවික හමුදා සේවයෙන් පහකර තිබෙන අතර, අදාළ ඉවත්කිරීම සම්බන්ධයෙන් නිශ්චිත හේතුවක් මේවන තෙක් ලිඛිතව දැනුම් දී නොමැති බවයි ඔහුගේ ඥාතීන් පවසන්නේ.

1. නිලාවේලි විජයබා කදවුර ඉවත්කිරීම සදහා මැනුම් කටයුතු සිදුකෙරුණු අවස්ථාවේ ජයාරූප ලබාගෙන වෙබ් අඩවියකට ලබාදීම.
2. බෞද්ධ අන්තවාදී සංවිධානයක් සමග කටයුතු කිරීම.

යන චෝදනා දෙක, චෝදනා විභාග කරන අවස්ථාවේ නාවික හමුදාව කියවූ බව තම පුතු පැවසූ බව සෙබළාගේ මව විසින් ප්‍රකාශ කර සිටින අතර, එම චෝදනා ලිඛිතව ලැබී නොමැති බවත් නාවික හමුදාවෙන් ඉවත් කරමින් කදවුරට ලැබුණු ලිපිය පමණක් ඔහුටලැබුණු බවත් ඇය පවසයි. (එම ලිපිය (1) පහතින් ඇත)

නිලාවෙලි, විජයබා නාවික කදවුර TNA ඉල්ලීමෙන් ඉවත් කරයි ?- විශාලතම රේඩාර් පද්ධතියත් අහිමිවේ යන හිසින් යුතුව 2016 මැයි මස 11 වනදා අප වෙබ් අඩවිය පළකල පුවත සම්බන්ධයෙන් මේ වන තෙක් නාවික හමුදාව හෝ වෙනත් පාර්ශවයක් අප වෙබ් අඩවියෙන් විමසිමක් කර නොමැති අතර, එහි පළවූ ඡායාරූප හා තොරතුරු නාවික සෙබළ මුදිත කෞෂල්‍ය හරහා ලැබුණු ඒවා නොවන බවට වගකීමෙන් ප්‍රකාශ කර සිටිමු. අදාළ පුවත පලවීමට දිනකට කිහිපයකට පෙර නිලාවේලී විජයබා නාවික කදවුරේ මැණුම් කටයුතු සිදුකරන ආකාරය දැක්වෙන ඡායාරූප සමාජ ජාලාවල පලවී තිබුණු අතර, ඒ අනුව ඒ සම්බන්ධයෙන් සොයා බැලීමේදි ද්‍රවිඩ ජාතික සන්ධානයේ (TNA) ඉල්ලීම මත නාවික කදවුරට අයත් භූමිය සිවිල් ජනතාවට බෙදා දීම සදහා මෙම මැණුම් කටයුතු සිදුකෙරෙන බව තහවුරු කරගැනීමට අපට හැකිවිය. අදාළ පුවත පළකෙරෙන්නේ (හෙළිදරව් කළ නොහැකි) අපගේ තොරතුරු මූලාශ්‍ර හරහා අනාවරණය කරගත් එම තොරතුරු පාදක කරගෙනය. යුද සමයේ නැගෙනහිර වෙරළ තීරයේ රැකවලා වූ විජයබා නාවික කදවුරු භූමිය තවත් නුදුරු දිනකදී දෙමළ සිවිල් ජනතාවට බෙදා දිමට සියල්ල සූදානම් බව අප නැවත වරක් තහවුරු කර සිටිමු.

කදවුරේ රාජකාරී කළ නාවික සෙබළ මුදිත කෞෂල්‍ය ප්‍රශ්නකර රැදවුම් භාරයට ගන්නේ එම පුවත පළවීමෙන් සතියකට පසුවය. මුදිත කෞෂල්‍ය රට, ජාතිය, ආගම පිළිබදව අප්‍රමාණ හැගීමෙන් කටයතු කළ තරුණයෙකු බව ඔහුගේ ඥාතීන් සහ මිතුරන් පවසන අතර, රාජකාරීයේ යෙදි සිටියදී පවා මාතෘ භූමිය වෙනුවෙන්, සිංහල බෞද්ධ ජාතිකත්වය වෙනුවෙන් වචනයෙන් මෙන්ම ක්‍රියාවෙන්ද ඕනෑම තැනක පෙනී සිටිමට දෙපාරක් නොසිතූ අයෙකු බවද දැනගැනීමට ලැබිණි. මුදිතගේ මෙම හැසිරීම නුරුස්සන අයද කදවුරේ සිටි බවත්, දැඩි කිතුණු භක්තිකයෙකු වන කදවුරේ අණදෙන නිලධාරීවරයා ඒ සම්බන්ධයෙන් මුදිත සමග දැඩි ලෙස උරණව සිටි බවද තොරතුරු සොයා බැලීමේදී අනාවරණය කර ගැනීමට හැකිවිය. මෙලෙස චෝදනාවට ලක්ව අසාධාරණ ලෙස හමුදා සේවයෙන් ඉවත් වන්නට ඔහුට සිදුවන්නේද එහි ප්‍රතිඵලයක් ලෙසය.

මාතෘ භූමියේ ස්වෛරීත්වයත්, භෞමික අඛණ්ඩතාවයත් දිවි හිමියෙන් ආරක්ෂා කිරීමට සපථ කර හමුදා සේවයට එක්වූ නාවික සෙබළ මුදිත කෞෂල්‍ය එම ප්‍රතිඥාව කිසි ලෙසකින්වත් කඩ කර නොමැති බවත්, (තමන් සපථ කළ පරිදිම මාතෘ භූමියේ ඒකීයත්වය වෙනුවෙන් නිරන්තරවම, අභීතව පෙනී සිටියා මිස කදවුරේ හෝ ජාතික ආරක්ෂාවට හානි වන කිසිදු අභ්‍යන්තර රහස් තොරතුරක් ඔහු වෙනත් පාර්ශවයකට ලබාදී නොමැති බවත් පැහැදිළි ලෙසම ඔප්පූ වී තිබියදී (ඔහුට නිශ්චිත, පිළිගතහැකි චෝදනාවක් එල්ල කිරීමට බලධාරීන්ට නොහැකි වී ඇත්තේද ඒනිසා බව පෙනී යයි) ක්‍රියාන්විතයේදී අඛණ්ඩව අභීතව සේවය කළ හමුදා සෙබළෙකු මෙලෙස අපකීර්තිමත් ලෙස සේවයෙන් නෙරපා හැරීම දැඩි අසාධාරණයක් වන අතර, මේ පිළිබදව සොයා බල ඔහුට සාධාරණයක් ඉටු කිරීමට කටයුතු කරන ලෙස අප නාවික හමුදා ඉහළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටිමු.

බෞද්ධ අන්තවාදී චෝදනා

එල්ලවී ඇති බෞද්ධ අන්තවාදී සංවිධානයක් සමග කටයුතු කිරීම යන චෝදනාව පිලිබදව පසුගිය 18 වනදා බොදු බල සේනා සංවිධානය පැවැත්වූ මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියෙක් ප්‍රශ්න කර සිටි අතර එහිදී බොදු බල සේනා ප්‍රධාන විධායක නිලධාරී දිලන්ත විතානගේ මහතා සදහන් කර සිටියේ, මාසෙකට පමණ පෙර මාතර ප්‍රදේශයේ මවක් කතාකර සෙබලා සිරගත කර ඇති බව පැවසු බවත් නාවික හමුදාව නගා ඇති චෝදනා පිලිබදව තමන්ව දැනුවත් කල බවත් සදහන් කර සිටියා. ලංකාවේ තිබෙන බෞද්ධ අන්තවාදී සංවිධාන සමග කටයුතු කල බව චෝදනා කරන්නේනම්, ඒ මොනවද යන්න නාවික හමුදාව රටට හෙළි කර යුතුව ඇති බවත් එම සෙබලාට අසාධාරණයක් සිදුවුවේදැයි සොයාබලා ඉදිරියේදී ඒ වෙනුවෙන් පෙනී සිටින බවත් සදහන් කර සිටියා. එහිදී විතානගේ මහතා මේ පිලිබදව දැක්වූ අදහස් පහතින්

Related posts

දැවි තෙල් නැතුව විදුලි බලාගාර අක්‍රීය වෙයි

colombotoday

තිරිගු පිටි මිලත් වැඩි වෙයි

colombotoday

රූපවාහිනියට සභාපතිලා දෙදෙනෙක් ! – මංගලගේ අලුත් පත්කිරීමට ජනපති හරහට හිටී…

colombotoday

මාස 10ක් තුළ ලාඳුරු රෝගීන් 1250 ක්..

Admin

මත්පැන් නිෂ්පාදන වැරදිවලට අලුත් නීතියක් ගේන්න යයි

Admin

කසළ තේ කිලෝ 5000ක් කසළ තේ බලකොටුවේදී අල්ලයි.

colombotoday