Colombo Today Local News

දැවි තෙල් නැතුව විදුලි බලාගාර අක්‍රීය වෙයි

ප්‍රමාණවත් දැවි තෙල් නොමැතිවීම හේතුවෙන් විදුලි බලාගාර ක්‍රියාත්මක කරවීමට ගැටලු මතුව ඇතැයි ලංකා විදුලි බල මණ්ඩලය පවසයි.

ඒ හේතුවෙන් දෛනික පැය 3ක කාලයක් විදුලිය කප්පාදුව කිරීමට සිදුව ඇතැයි ද ලංකා විදුලි බල මණ්ඩලය පෙන්වා දෙයි.

යුගදනවි, සපුගස්කන්ද හා බාච් යන ඉන්ධන බලාගාර ක්‍රියාත්මක කිරීම සඳහා දෛනික දැවි තෙල් අවශ්‍යතාව මෙට්‍රික් ටොන් 2500ක් වූවත් මේ දිනවල ලැබී ඇත්තේ, දැවිතෙල් මෙට්‍රික් ටොන් 1400 ක් හෝ ඊට අඩු ප්‍රමාණයකි.

ජල විදුලි නිෂ්පාදනයෙන් ජාතික පද්ධතියට එක්කෙරෙන මෙගවොට් සංඛ්‍යාව 1340 ක් වන අතර නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයෙන් ජාතික පද්ධතියට මෙගාවොට් 600 කට ආසන්න විදුලි ධාරිතාවක් එක් කෙරේ.

විදුලි බල මණ්ඩලය පෙන්වා දෙන්නේ, මෙගාවොට් 2100 ක විදුලි අවශ්‍යතාවය සැපීරීම සඳහා ජල විදුලි උත්පාදනයෙන් හා ගල් අගුරු බලාගාරයෙන් ලබාගන්නා විදුලි ධාරිතාව ප්‍රමාණවත් නොවන බවයි.

මේ නිසා දැවි තෙල් කඩිනමින් බලාගාර වෙත ලැබුණහොත් සපුගස්කන්ද පිරිපහදුව පහසුවෙන් පවත්වාගෙන හා හැකි බව විදුලි බල මණ්ඩලය ප්‍රකාශ කරයි.

එමෙන්ම දෛනික විදුලි කප්පාදුවේ කාලය සීමා කිරීම සම්බන්ධයෙන් හා පවතින තත්ත්වය ගැන අද දවසේ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බවත් විදුලි බල මණ්ඩලය දැනුම් දී ඇත.

Related posts

නව කෝපා සභාපති

Admin

හවුල් ආණ්ඩුව මටත් හොද නෑ.. රනිල්ට පමණක් දෙවනි මට ඇමතිකමක්වත් නෑ

colombotoday

මිත්තනියට ප්‍රතිඵල කියන්න ගිය A-9 ගත් සිසුවාට භූමිතෙල් දමා ගිනි තියලා

Admin

අද දුම්රිය ගමන්වාර 14 ක් අවලංගුයි

colombotoday

ආගමික නායකයින්ටත් එන්නත

colombotoday

අවි පුහුණුව ලැබූ තව්හිද් ත්‍රස්තයෙක් පේරාදෙණියේදී අත්අඩංගුවට !

colombotoday