Colombo Today Local News

චීනයත් කැමතියි නම් හම්බන්තොට වරාය ගිවිසුම සංශෝධනය කළ හැකියි !!

චීන සමාගම සහ ශ්‍රී ලංකා රජයේ එකගතාවය පරිදි හම්බන්තොට වරාය ගිවිසුම අවශ්‍ය පරිදි සංශෝධනය කිරීමේ හැකියාව පවතින බව වරාය හා නාවික කටයුතු අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා පවසයි.

ඉකුත් සෙනසුරාදා අත්සන් කළ වරාය ගිවිසුම තමන් ඊයේ (1) කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ බව කී අමාත්‍යවරයා එය අධ්‍යයනය කිරීමට ජනාධිපතිවරයා විසින් ඇමතිවරුන්ට සතියක කාලයක් ලබාදුන් බව ද හෙතෙම කියා සිටී.

අමාත්‍යවරුන් එය අධ්‍යයනය කර ලබන කැබිනට් මණ්ඩලයේදී අදහස් දැක්වූ පසු එම සතියේම එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට තමන් බලාපොරොත්තු වන බව කී අමාත්‍යවරයා ඉන්පසු පක්‍ෂ නායකවරුන්ට විවාදයක් සඳහා දිනයක් තීරණය කළ හැකි බව ද පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ කොළඹ, ඩාර්ලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මූලස්ථානයේදී ඊයේ (1) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

Related posts

ගෑස් නැවතත් ගණන් උස්සයි… රුපියල් 195කින් ඉහළට…

colombotoday

සංචාරක ආයතනවලට සහනයක්

colombotoday

පන්සල් තුනක් වටකර රෑට රෑට හොරෙන් හදන පල්ලියක්, මුස්ලිම් අන්තවාදීන් කළුබෝවිල ආගමික ගැටුමකට මුලපුරයි !

colombotoday

’’පානදුර සලිදුගේ’’ කුඩු පැකට් කළ යුවලක් බඩුත් එක්ක දැලේ

colombotoday

ලග්ගල පොලිසියේ තිබූ T56 අවියක් සහ රිවෝල්වර 5 ක් සොරාගනී

colombotoday

මෝටර් රථයක් පාලමක් අසලින් ගඟට පෙරළෙයි

Admin