Colombo Today Local News

ලග්ගල පොලිසියේ තිබූ T56 අවියක් සහ රිවෝල්වර 5 ක් සොරාගනී

මාතලේ, ලග්ගල පොලීසියේ ආරක්ෂික පෙට්ටියේ තැන්පත් කර තිබු ටී 56 ගිනි අවියක් සහ රිවෝල්වර 5 ක් කිසියම් පුද්ගලයෙක් අද අලුයම සොරකම් කරගෙන ගොස් තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ සරමකින් සහ කමිසයකින් සැරසුණු පුද්ගලයකු මෙම සොරකම සිදුකර ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති බව ය.

පොලිස් ස්ථානයේ උප සේවා කාමරය අසල තැන්පත් කර තිබු එම ආරක්ෂිත පෙට්ටිය අසල තිබු යතුරු කැරැල්ල ගෙන විවෘත කර එලෙස ගිනි අවි සොරාගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය.

එම අවස්ථාවේ පොලිස් ස්ථානයේ රාජකාරී සඳහා නිලධාරින් 4 දෙනෙකු අනුයුක්තව සිට තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ, නිලධාරීන් බීමතින් සිටියේ දැයි පරීක්ෂා කිරීම සඳහා ඔවුන් රෝහල්ගත කර ඇති බව ය.

මේ අතර සිද්ධිය සම්බන්ධයෙන් කඩිනම් පරික්ෂණයක් පවත්වන ලෙස වැඩබලන පොලිස්පති එස්. එම්. වික්‍රමසිංහ මහතා මධ්‍යම පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට උපදෙස් දී තිබේ.

ඒ අනුව විශේෂ කන්ඩායමක් ලග්ගල පොලිස් ස්ථානයට පිටත්ව යන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ ය.

Related posts

“ගාලු මැයි රැළිය කුජීත වන බව දැන, කිරුළපන රැළිය කඩාකප්පල් කරන්න රජය උපරිමයෙන් වැඩ” – විමල්

colombotoday

මහින්දගේ ප්‍රජා අයිතිය අහෝසිය ගැන ශ්‍රීලනිපයේ මතය කියයි

colombotoday

කුසල් මෙන්ඩිස් අත්අඩංගුවට

colombotoday

නවක වධය දරාගන්න නොහැකිව මොරටුව විශ්ව විද්‍යාලයේ සිසුවෙකු සියදිවි නසාගනී

colombotoday

මේ වසරේදී සරසවි ඇදුරෝ අටසීයක් රට හැර ගිහින්

Admin

“මැලේසියා තානාපතිට ගුටි ඇන්නේ කොටි නෙවෙයි.. මහින්ද හිතවාදී ඩයස්පොරාවයි” – එජාප මන්ත්‍රී

colombotoday