Colombo Today Local News

වැඩට එන්න.. ඉල්ලීම් දෙන්නම් – තැපැල් සේවකයන්ට ඇමති දන්වයි !

තැපැල් වෘත්තීය සමිති පවසන ප්‍රධාන කරුණු තුනට විසඳුම් ලබාදීම සඳහා අවශ්‍ය පියවර ගෙන ඇති බවත්,මහජනතාව සහ රජය පීඩාවට පත්කිරීමෙන් වැළකී සේවයට වාර්තා කරන්නැයි වැඩවර්ජනයට සම්බන්ධ වීසිටින සියලුම තැපැල් සේවකයන්ගෙන් ඉල්ලා සිටින බවත් තැපැල්,තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය එම්.එච්.ඒ.හලීම් මහතා පැවසීය.

පාසල් සඳහා සිසුන් ඇතුළත් කිරීම,විභාග සහ රැකියා සඳහා අයදුම්පත්‍ර යොමුකිරීම ඇතුළු කටයුතු රාශියක් මේ දිනවල සිදුකරන බැවින් මෙම වර්ජනය අසාධාරණ බවද අමාත්‍යවරයා සඳහන් කර සිටියේය.

බඳවාගැනීමේ විෂමතාවන් නිරාකරණය කිරීම සඳහා කටයුතු කරමින් සිටින බවත්,උසස්වීම් ලබාදීමේ කටයුතු සම්පූර්ණ කිරීම සඳහා රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය,වැටුප් කොමිසම,රාජ්‍ය සේවා කොමිසම් සභාව වැනි ආයතන සමග සාකච්ඡා කර විසඳුම් ලබාදීමට බලාපොරොත්තු වන බවත් හලීම් මහතා සඳහන් කළේය.

මෙම ගැටලුව විසඳීම සඳහා ලබන කැබිනට් මණ්ඩල රැස්වීමට යෝජනාවක් ඉදිරිපත් කරන බවත්,එය අනුමත වූ පසු ගැටලුව නිරාකරණය කිරීමට හැකියාව ලැබෙනු ඇති බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.

Related posts

ලංකාව අවදානම් රටක් ලෙස නම් කෙරේ… ලොව ආපදා බහුලම රටවල් අතර සිව්වැනි තැනට

colombotoday

අද කොවිඩ් එන්නත් ලබාදෙන ස්ථාන

colombotoday

මගේ ප්‍රතිවාදියා වී ගොවීන්ට නොමිළේ පොහොර දෙනව කියනවා… මම සියළුම ගොවීන්ට නොමිළේ පොහොර දෙනවා !

colombotoday

මහරගම මුස්ලිම් කඩයට පහර දී ඇත්තේ හෙළ උරුමයේ හිටපු මන්ත්‍රීවරයෙක් !

colombotoday

මහින්දට ලිපියක් ලියා, විමල් සියලු බැදීම් අත්හරියි !

colombotoday

වැඩි මිලට සිල්ලර වෙළදුන්ට සහල් විකිණූ සහල් නිෂ්පාදන ආයතනයකට නඩු

colombotoday