Colombo Today Local News

තියුණු ආයුධයකින් පහරදී මුණුබුරා ආච්චි අම්මාව ඝාතනය කරලා

කෑගල්ල පොලිස් වසමේ කවුඩුගම, හෙට්ටිමුල්ල ප්‍රදේශයේ නිවසක සිටි වයෝවෘධ කාන්තාවක්ව ඊයේ (28) රාත්‍රියේ ඇයගේ මුණුබුරා විසින් තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තිබේ.

එම පහර දීමෙන් බරපතළ තුවාල ලබා සිටි කාන්තාව කෑගල්ල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති බවට කෑගල්ල පොලීසියට පැමිණිල්ලක් ලැබී ඇත.

පහරදීමෙන් මියගොස් ඇත්තේ අවුරුදු 85ක් වු වයෝවෘද්ධ කාන්තාවකි.

ඝාතනයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, පහරදීම සිදුකළ සැකකරු මේ වනවිට ප්‍රදේශයෙන් පළාගොස් ඇත.

සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා කෑගල්ල පොලීසිය විමර්ශන සිදුකරයි.

Related posts

තවත් අත්‍යවශ්‍ය භාණ්ඩ බහාලුම් 2300ක් කොළඹ වරායේ

colombotoday

මුසවේනිගේ 5 වන දිවුරුම්දීමට හිටපු ජනපතිට උගන්ඩාවෙන් විශේෂ ආරාධනාවක්.. යෝෂිතට යෑම තහනම්

colombotoday

රන්ජන්සි සිරගෙදරදී යදිවි නසාගන්න උත්සාහ කර නෑ. පැතිරෙන කතා අසත්‍යයි.

colombotoday

කුලහීනයකුට වතුර උගුරක් නොදෙන තවමත් ඉවරයක් නැති යාපනයේ කුල යුද්ධය

colombotoday

දියවන්නාවේ නවකයෝ 17ක් චීනයේ සුහද සවාරියක

colombotoday

2023 අයවැයට පාලිමේන්තුව සූදානම්

Admin