Colombo Today Local News

තවත් අත්‍යවශ්‍ය භාණ්ඩ බහාලුම් 2300ක් කොළඹ වරායේ

මෙරටට ගෙන්වන ලද අත්‍යවශ්‍ය භාණ්ඩ අඩංගු බහාලුම් 2300 ක් පමණ කොළඹ වරායේ සිරවී ඇතැයි අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනකරුවන්ගේ සංගමය පවසයි.

එහි මාධ්‍ය ප්‍රකාශක නිහාල් සෙනෙවිරත්න මහතා සඳහන් කරන්නේ, එම බහාලුම්වල සීනි, පරිප්පු හා සහල් අඩංගු බවය.

ලොකු ළූණු සහ අර්තාපල් වැනි දෑ කඩිනමින් නිදහස් කර ගැනීමට පියවර ගන්නා බව ඔහු පවසයි.

කෙසේ වෙතත් ඩොලර් හිඟය හේතුවෙන් මෙම බහාලුම් නිදහස් කර ගැනීමට නොහැකි වී තිබේ.

නිහාල් සෙනෙවිරත්න මහතා සදහන් කරන්නේ මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් සමග පැවැති සාකච්ඡාවකදි හැකි ඉක්මණින් ඒවා නිදහස් කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා බවට ප්‍රකාශ කළ බවය.

Related posts

බදුර්දීන්, පාස්කු ප්‍රහාරයට ඇති සම්බන්ධය ගැන තවත් සාක්‍ෂි සොයා ගැනේ !

colombotoday

වැටලීමකදී පොලිස් කොකා ගැස්සී තරුණිය මරුට

Admin

ලුණුවිල පාසලක ගේට්ටුව අසල මළ සිරුරක්

Admin

ප්‍රදේශ කිහිපයකට පැය 10ක ජල කප්පාදුවක්

Admin

හෙට දළදා මාලිගාවේත් ශිවගේ මොකුත් තියෙනවා කියයි. ශ්‍රී පාදය, ශිව පාදම් කිරීමට සංඝරත්නයේ විරෝධය

colombotoday

රක්නා ලංකා ආරක්ෂකයින් චම්පිකගේ කොම්පැනියකට

colombotoday