Colombo Today Local News

ප්‍රදේශ කිහිපයකට පැය 10ක ජල කප්පාදුවක්

අද (19) රාත්‍රියේ සිට පැය 10 කාලයක් ජල කප්පාදුවක් සිදුකිරීමට නියමිත බව ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය පවසයි.

ඒ අනුව, අද රාත්‍රී 10 සිට හෙට (20) උදෑසන 08.00 දක්වා කොළඹ ප්‍රදේශ කිහිපයකට මෙලෙස ජල සැපයුම අත්හිටුවනු ලබයි.

මෙලෙස ජල සැපයුම අත්හිටුවනු ලබන්නේ කෝට්ටේ සහ කඩුවෙල මහ නගර සභා බලප්‍රදේශවලට සහ මහරගම සහ බොරලැස්ගමුව නගර සභා බලප්‍රදේශවලටය.

එසේම කොළඹ 04,05,07 සහ 08 යන ප්‍රදේශවලටද එම කාලය තුළ ජල සැපයුම අත්තිටුවනු ඇත.

අඹතලේ ජල පවිත්‍රාගාරයේ හදිසි නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙලෙස ජල සැපයුම අත්හිටුවීමට සිදුවන බව ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

Related posts

පාන් මිල අඩු වෙයි.

Admin

ආණ්ඩුව වෙනුවෙන් කෑ ගහන මන්ත්‍රීන්ට මාසිකව ලක්ෂ දෙකක අමතර දීමනාවක් !

colombotoday

පොල්ගහවෙල පොලිස් බල ප්‍රදේශයේ ගම්මාන කීපයක් හුදකලා කරයි

colombotoday

මෙගා ඩීල් චෝදනා අහෝසියි.. සජින් වාස් දැන් යහපාලනයේත් කෙරුමෙක්!

colombotoday

ජපානයේ ආගමික වැඩසටහන අවලංගුයි.. ඥාණසාර හිමි රටින් නොයයි..

colombotoday

කසිප්පු මෙරටින් තුරන් කරන්න – ජනපති පොලිසියට දින දෙයි…

colombotoday