Colombo Today Local News

ආහාර සිරවූ සිඟිත්තියක් මව රෝගී වීමෙන් මිය යයි

තම සිගිති දියණියට ආහාර කවමින් සිටි 26 හැවිරිදි මවට හදිසියේ ඇති වූ රෝගී තත්ත්වයක් නිසා ආහාර ගනිමින් සිටි දියණිය ආහාර උගුරේ සිරවිමෙන් ජිවිතක්ෂයට පත් වි ඇති බව බගවන්තලාව පොලිසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ බගවන්තලාව බ්‍රිඩ්වේල් වත්තේ පදිංචි අවුරුදු එකක අරුමුගන් අගල්යා නැමති දියණියයි.

සිගිත්තියගේ මව දිවා ආහාර පිලියෙළ කර නිවස තුළදි සිගිත්තියට ආහාර ලබා දි ඇත.

එම අවස්ථාවේ එකවරම මව රෝගී වී ඇති අතර ආහාර ගනිමින් සිටි සිගිත්තියගේ උගුරේ ආහාර සිරවිමෙන් මව බදාගෙන බිම වැතිරි සිටියදි අසල්වාසින් විසින් මව සහ සිගිත්තිය රෝහල් ගත කර ඇත. එම අවස්ථාවේදීත් සිගිත්තිය මියගොස් සිට ඇතැයි බගවන්තලාව පොලිසිය පවසයි.

මිය ගිය සිගිත්තියගේ මව දිගු කාලයක් රෝගී තත්ත්වයෙන් පෙලි ඇති බවත්, ඒ සදහා ඇය ප්‍රතිකාර ලබමින් සිට ඇති බවත් පොලිසිය කියයි.

Related posts

අමරකීර්ති අතුකෝරල වෙනුවෙන් පාර්ලිමේන්තුවේදී විනාඩියක නිහඬතාවයක්

Admin

නාවික හමුදාවට ඉන්දියාවෙන් අධිතාක්ෂණ නැවක්

colombotoday

කාලගුණයෙන් විශේෂ නිවේදනයක්

colombotoday

“කෝටි 800 ක් වටින නිවසක් ශ්‍රී ලංකාවේ නැ.. මඩ ගැසීම ගැන කනගාටුයි”

colombotoday

ජනපති අද ජාතිය අමතයි

colombotoday

සිමෙන්ති මිල රු. 500 කින් ඉහළට

colombotoday