Colombo Today Local News

මාලබේ ට්‍රැෆික් OICට මරණීය තර්ජන කල සැරයන් රිමාන්ඩ්

මාලබේ පොලිස් ස්ථානයේ රථ වාහන අංශයේ ස්ථානාධිපතිවරයාට පහරදී ගිනි අවියක් පෙන්වා මරණීය තර්ජනය කර පළාගොස් සැඟව සිටි පොලිස් සැරයන්වරයාව රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

ඔහු පසුගිය 19 වනදා නීතිඥවරයකු මාර්ගයෙන් කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් විය.

එසේ එළඹෙන 28 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත්තේ කඩුවෙල පොලිස් ස්ථානයට අනුයුක්තව සේවයේ නිරත ඩබ්ලිව්. එම්. ආර්. බණ්ඩාර චන්ද්‍රසේකර නමැති සැරයන්වරකි.

රාජකාරිමය ගැටලුවක් මත ඔහු හා රථ වාහන අංශයේ ස්ථානාධිපතිවරයා බහින්බස්වීමක් ඇතිවී ඇති අතර පසුව ඔහු ස්ථානාධිපතිවරයාට පහරදී සිය රාජකාරි ගිනි අවිය පෙන්වා තර්ජනය කර තිබූ බව වාර්තා විය.

එම සිද්ධිය පසුගිය 15 වනදා සිදුවූ අතර පසුව ඔහු ප්‍රදේශයෙන් පළාගොස් තිබුණි.

Related posts

දුම්රිය ස්ථාන 10ක් වැසෙයි – සේවකයන් 360කට කොවිඩ්

colombotoday

අවුරුදු 10ක දියණියකට බරපතළ ලිංගික අතවර කළ ගුරෙක් අත්අඩංගුවට

Admin

එජාපය ට ගම දෙන්න.. රටටම සෞභාග්‍ය උදා කරනවා – අගමැති

colombotoday

කලබල වෙන්න එපා… වෙලාවට කියන්නම් !

colombotoday

බැඳුම්කර සිද්ධියට අදාල වාර්තාව මන්ත්‍රීවරුන්ට ලබාදීම සුදුසු නෑ – නීතිපති කතානායකට දැනුම් දෙයි !

colombotoday

‘කොටි කපන වෝ’ කියා ගම ගිනි තැබූ හතකට වැඩ වරදී

colombotoday