Colombo Today Local News

බැඳුම්කර සිද්ධියට අදාල වාර්තාව මන්ත්‍රීවරුන්ට ලබාදීම සුදුසු නෑ – නීතිපති කතානායකට දැනුම් දෙයි !

මහ බැංකු බැඳුම්කර සිද්ධියට අදාල වෝහාරික විගණන වාර්තාව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙත මෙම අවස්ථාවේ ලබාදීම සුදුසු නොවන බවට නීතිපතිවරයා කථානායක කරූ ජයසූරිය මහතා වෙත දැනුම් දී ඇත.

ඒ අනුව අද (07) පාර්ලිමේන්තුවේ කටයුතු ආරම්භ වූ අවස්ථාවේ නීතිපතිවරයාගේ දැනුම්දීම කථානායකවරයා පාර්ලිමේන්තුව හමුවේ ප්‍රකාශයට පත් කළේය.

මහ බැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විටත් නීති කටයුතු ආරම්භ කර ඇති බැවින් හා ඉදිරියටත් එම කටයුතු සිදු කිරීමට නියමිතව ඇති බැවින් මෙම අවස්ථාවේ අදාල වාර්තා සියළුම මන්ත්‍රීවරුන් වෙත ලබාදීම සුදුසු නොවන බවට නීතිපතිවරයා තමා වෙත ලිඛිතව දැනුම් දී ඇති බව කථානායකවරයා එහිදී සඳහන් කළේය.

Related posts

හෙට සිට වැසෙන නගර මෙන්න

colombotoday

ආණ්ඩුව දැන් කල් ඉකුත් වූ බඩුවක්

Admin

අම්පාරේ සිට කොළඹට ගෙන එමින් තිබූ ඇමෝනියා අත්අඩංගුවට

colombotoday

විල්පතු කල්ලාරු රක්ෂිතයේ නැවත පැළ සිටුවීමට වැය වන මුදල ඇස්තමේන්තුවට කමිටු දෙකක්

colombotoday

ජනපති අයවැය නැවත වෙනස් කර විදුලි කාර් බදු ඉවත් කරයි… ඇමති රවී කැබිනට් නොඑයි

colombotoday

ලොරියක ගැටුණු පා පැදියේ ගිය සිව්දරු මවක් මරුට

Admin