Colombo Today Local News

ඉන්දීය නාවික හමුදා සබ්මැරීනයක් කොළඹ වරායට

ඉන්දීය නාවික හමුදාවට අයත් ‘අයි.එන්.එස්. වැගිර්’ සබ්මැරීනය නිල සංචාරයක් සඳහා කොළඹ වරායට අද (19) පෙරවරුවේ සේදුන් වී තිබේ.

ශ්‍රී ලංකා නාවික හමුදාව එම සබ්මැරීනය නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගත්තේය.

එම සබ්මැරීනය, දිගින් මීටර 67.5 ක් සහ නැව් මුළුව 60 ක ගෙන් සමත්විත වන අතර, එහි අණදෙන නිලධාරී ලෙස කොමාණ්ඩර් දිවාකර් එස් කටයුතු කරයි.

මෙම නිල සංචාරයේදී, ජත්‍යන්තර යෝගා දිනය නිමිත්තෙන් බටහිර නාවික විධානයේදී පැවැත්වෙන යෝගා වැඩසටහනක් සඳහා සබ්මැරීනයේ නැව් මුළුව සහ ශ්‍රී ලංකා නාවික හමුදා සාමාජිකයින් සහභාගීවීමට නියමිත අතර එම සබ්මැරීනයේ මෙහෙයුම් ක්‍රියාකරීත්වය පිළිබඳව පැවැත්වෙන දැනුවත් කිරීමේ වැඩසටහනක් සඳහා ශ්‍රී ලංකා නාවික හමුදා නිලධාරීන් පිරිසක් සහභාගීවීමට ද නියමිතය.

මෙම නිල සංචාරය නිමා කරමින් සබ්මැරීනය 22 වැනිදා දිවයිනෙන් පිටත්ව යාමට නියමිතව ඇත.

Related posts

TNA මන්ත්‍රීලා කෝකිලායි විහාරයට යයි.. ඉඩමේ අයිතිය ගැන විහාරාධිපති හිමිගෙන් ප්‍රශ්න කරයි

colombotoday

මාධ්‍යවේදීන්ටත් බූස්ටර් එන්නත

colombotoday

මාස 5ක් තුළ ඉන්දීය ධීවරයින් 28ක් අත්අඩංගුවේ

Admin

ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රය විවෘත කෙරේ

colombotoday

ජනාධිපති ලේකම් කාර්යාලයේ වාහන ගැන සේවකයින්ට දැනුම්දීමක්

Admin

තවත් ග්‍රාම නිලධාරී වසම් 02ක් හුදකලා කෙරේ

colombotoday