Colombo Today Local News

යකඩ ගේට්ටුව කඩා වැටී අවුරුදු තුනක දරුවෙක් මිය යයි

මුලතිව්,කේප්පාපිලව් ප්‍රදේශයේ නිවසක සවිකොට තිබු ගේට්ටුවක් ගැලවී ඊට යටවීමෙන් අවුරුදු තුනක දරුවෙක් ජිවිතක්ෂයට පත්ව තිබේ.

එලෙස ජීවිතක්ෂයටපත්ව ඇත්තේ මුලතිව්, කේප්පාපිලව් හි පදිංචි ආදවන් ලිදුසිකන් නමැති දරුවෙකි.

මියගිය දරුවා ගේට්ටුවේ එල්ලි සෙල්ලම් කරමින් සිටි අවස්ථාවේ එකවර ගේට්ටුව ගැළවි දරුවාගේ ඇඟ මතට කඩා වැටී මෙම අනතුර සිදුව ඇති බව මුල්ලියාවේලි පොලිසිය පවසයි.

නිරන්තරයෙන් දරුවා ගේට්ටුවේ එල්ලෙමින් එය සමඟ සෙල්ලම් කරන බවත් ගේට්ටුව සවිකර තිබූ ඇණ ගැලවීගොස් දරුවාගේ ඇඟමතට වැටී ඇති බවත් පොලිසිය සඳහන් කරයි.

ගේට්ටුව ඇඟ මතට කඩා වැටීමෙන් බරපතල තුවාල ලැබු දරුවා මුලතිව් රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ජිවිතක්ෂයට පත්ව ඇති බවද පැවසේ.

දරුවාගේ සිරුර මුලතිව් මාංචෝලේ රෝහල් මෘත ශරීරාගාරයේ තැන්පත් කොට ඇති අතර, පශ්චාත් මරණ පරීක්ෂණයෙන් අනතුරුව සිරුර දෙමාපියන් වෙත භාරදීමට නියමිතය.

Related posts

බෙදුම්වාදීන්, වහාබ්වාදීන් රොත්තම එකට තබා පරදවති… හත් වන විධායක ජනාධිපතිවරයා ලෙස ගෝඨාභය ජනාභිෂේකය ලබයි…!

colombotoday

ජාතික වෙසක් සතිය අදින් ඇරඹෙයි

Admin

ශ්‍රී ලංකාවේ පළමු චන්ද්‍රිකාව ‘රාවණා 1‘ කක්ෂගත කිරීමට සූදානම්

colombotoday

දුරකතන ආරවුලකට තරුණයකුගේ පපුවට පිහියෙන් ඇන ඝාතනය කරයි

Admin

ආයෝජන මණ්ඩලයට නව සභාපතිවරයෙක්

colombotoday

ලක්හඩ කඩා වැටේ – නිවුටන් හඩා වැටේ

colombotoday